"අතේ දුරින්...කිව්වනේ අතේ දුරින්....ළඟට ඇවිත් මාව අවුස්සාගෙන නරකයි කියන්නේ නැතිව...කිව්වත් වගේ අතේ දුරින්ම හිටියොත් හොඳයි මහත්තයෝ....."
කියන් ආපු දේ සම්පූර්ණ කරගන්න හිත හදාගන්න බැරිව මං ගොත ගහද්දී එයා කිව්වේ එහෙම...කොහොමත් එකින් එක පැහැදිලි කරද්දීත් නොතේරෙන්න තරම් කොහොමත් එයා බබෙක් නෙමෙ....මට එයාගෙන් ඕනා උණෙත් මේ හා සමාන උත්තරයක් උණත්...හිත රිදෙනවනෙ ඉතින් අප්පා...ඔහොම ඉතින් එකෙන්ම පිළිගන්න ඕනද...ටිකක් බෑ බෑ කියලා හුරතල් වෙන්න බැරිද... මොකෙක්ද මන්දා මහා....
මං අඩියක් ඉස්සරහට තිවුවොත් එයා අඩි දෙක තුනක්ම තියනවා වගෙම තමා..පළවැනි වතාවට මට තෙරුම් ගියා.මං අඩියක් පස්සට ගන්න හිතුවොත්...එයා අඩි දහයක් පහළවක්ම පස්සට ගන්න බව...
මට ඕනා උන උත්තරේ ඕනා උනාටත් වඩා ස්ථිර විදිහට දීපු එයා කොට්ට තාප්පෙට උඩින් මං ළඟට පෙරළිලා ආවා..මේ තරම් කල් මං මුල් වෙලා කිස් කරපු ඒ තොල් වලින්...එයා පළවැනි වතාවට ආරම්භය අරන් මාව කිස් කරද්දි මගෙ වචන ඒ මොහොතට මටම අමතක වෙන්න ගියත්,පටන් ගැන්ම වගේම අවසානෙත් එයාටම බාර දිලා මං බලන් හිටියා..ලේ රහ එනකම්ම්මත් දිවේ තැනින් තැන කටු ඇනෙනවා වගේ වෙනකම්මත් හාදුවේ ගැඹුරටම ගිලිලා හිටිය එයා සෑහෙන වෙලාවකට පස්සෙ තොල් අහකට අරන් , එදා එයාගෙ ගෙදර ගිහිං එන්න ලෑස්ති වෙලා එයාව කිස් කරපු මන් එයාට කියාපු වචනම මට කිව්වා...මගෙ මූණට එබිලා ඒ විදිහටම මොහොතක් ඉඳලා, රිදෙන්නම මගෙ තොල් ඒ දත් වලට හිර කරන් අකමැත්තෙන් වගේ අත ඇරලා ආයිමත් කොට්ට තාප්පෙට උඩින්...එයාගෙ සීමාවට පසු බැස්සෙ ලොකුම ලොකු හුස්මක් අත අරින ගමන්....
"මතක තියාගන්න.. මතක...හොදටම මතක තියාගන්න..ආයි කවදා ලැබෙයිද දන්නේ නැ ඕවා..."
YOU ARE READING
💚❤️ 🆁🅴🅼🅾🆁🆂🅴 ❤️💚 𝚈𝚒𝚉𝚑𝚊𝚗 - Complete -
Hayran Kurgu🥀🥀🥀🥀🥀🥀🥀 FF/NonFf හදිසියෙන් යද්දී ඔබ දුරට මාගෙන් දුටුවාද කඳුලු දෑසේ ඒ ආදරයයි මා පැතුවේ ඉක්මනින් එන්න මා කීව වචනේ ඇයි නෑසුනා වාගේ තනිකම විතරක් ඉතිරි කළේ මේ පපුවේ ගිනි දැල්වේ එක මොහොතක් ඉන්නට බෑ ඈතින් පෙර වාගේ ඔය තුරුලේ තව මොහොතක් ඉන්නට බෑ ආයෙත්...