ජීවිතේ ලස්සනම කාලේ ගෙවිලා යන්නෙ ඇහිපිය ගහන තරම් වේගෙන් කියන කතාව ඇත්තක් කරන ගමන් එයයි මායි එකට ගෙවපු අපේ AL කාලෙ ගෙවිලා ගියේ පුදුම තරම් ඉක්මනින් වෙද්දි exam එකට ඉතිරි වෙලා තිබුණෙ තව මාස 2ක විතර පුංචි කාලයක් විතරයි..සියලු සයන්ස් කාරයො නැසෙනසුලුය කියන කතාව බොරු කරන ගමන් දොස්තර හීනෙ හැබැ කරගන්න ඕනා නිසාමත්,අපි දෙන්නගේම හීනෙ සාමාන්‍ය දොස්තර පට්ටමක් ගන්න එකම නොවුණ නිසාත්,කැම්පස් යන්නම විතරක් නැතිව,ගොඩක් හොඳ රිසල්ට් එකක් ගන්න එක ගැන දෙන්නගේම අරමුණ වෙද්දි නිදි නැතිව මහන්සි නොබලා අනිත් හැමදෙම අමතක කරලා අපි පොත් ගුල්ලෝ වෙලා හිටියා..ස්කූල් එකේ ගුරුවරුවත් ප්‍රැක්ටිකල් කරන්න හරියට ලැබ් එකක්වත් නැති එයාට,හම්බ කරන අතරෙම ඉගෙනගන්නත් වෙද්දි මටත් වඩා එයාට හැමදේම අභියෝගයක් උණා..අපේ ගෙදර පුංචි ලැබ් එකේ පුලුපුලුවන් ප්‍රැක්ටිකල් පවා කරන ගමන්,ස්කූල් එකෙන් දෙන පේපර්ස් පවා එයා එක්ක ආයි ආයි කරන ගමන්,ස්කූල් එක පැත්තෙන් එයාට වෙන අඩුපාඩු මඟ ඇරගන්න මං පුළුවන් හැටියට එයාට උදව් කරා...
දෙන්නාත් එක්කම,පේරාදෙණි යන එක...එකට එකතු වෙලා මීටත් වඩා ලං වෙලා එකට කැම්පස් යන එක ගැන අපි එකට හීන මැව්වා...හිටි ගමන් වෙලාවක වෙලාවක් ලැබුණ ගමන් බයික් එකේ එයාවත් දාගෙන කැම්පස් එක ළඟට ගිහිං බයික් එක අයිනකින් නවත්වලා කහ පාටින්,රතු පාටින්,රෝස පාටින් මල් වියන් යටින් ඒ පාටම පෙති වැටුණ ගලහා පාර දිගේ අපි අත් අල්ලන් ඇවිද්දා...නුදුරේම දවසක මෙඩිකල් ස්ටුඩන්ට්ලා විදිහට මේ පාර දිගේ මේ වගේම අත් අල්ලන් යන විදිහ ගැන අපි කතා කරා...මමා පපා ගිය පාරෙ ගිහිං රටම දන්න ලොකු දොස්තර කෙනෙක් වෙන එක මගෙ හීනෙ වෙද්දි එයාට ඕනා උණේ මටත් වඩා එහා යන්න...මගෙ මමා පපා ගිය අඩිපාරේ යන එක එයාගේත් ආසාව වෙද්දි,රටම දන්න ලොකු දොස්තර කෙනෙක් වෙන්න විතරක් නෙමෙ එයාට ඕනා උණේ එයාලා වගේම රස්සාවටත් එහා ගිහිං මිනිස්සුන්ට උදව් කරන්න...
YOU ARE READING
💚❤️ 🆁🅴🅼🅾🆁🆂🅴 ❤️💚 𝚈𝚒𝚉𝚑𝚊𝚗 - Complete -
Fanfiction🥀🥀🥀🥀🥀🥀🥀 FF/NonFf හදිසියෙන් යද්දී ඔබ දුරට මාගෙන් දුටුවාද කඳුලු දෑසේ ඒ ආදරයයි මා පැතුවේ ඉක්මනින් එන්න මා කීව වචනේ ඇයි නෑසුනා වාගේ තනිකම විතරක් ඉතිරි කළේ මේ පපුවේ ගිනි දැල්වේ එක මොහොතක් ඉන්නට බෑ ඈතින් පෙර වාගේ ඔය තුරුලේ තව මොහොතක් ඉන්නට බෑ ආයෙත්...