"අනේ..අනේ ඒ ගැන අහන්න එපා මහත්තයො...අනේ මට බයයි.....බොරුවක් කරන්නේ නෑ ඔයාට..දවසක අවස්ථාවක් ආවොත් කියන්නම් මං..ප්ලිස් එතකන් අහන්න එපා..."
පාර මැදම නතරවෙලා මගෙ අත් දෙක අල්ලා ගත්ත එයා ඇස්වලින් කඳුලු ගලද්දී මගෙ ඇස් දිහ බලන් කියවද්දී කරකියාගන්න දෙයක් නැතිව මං ඔහේ බලන් හිටියා...එයාගෙ මූණෙන් ඒ ඇස් වලින් මං ඒ මොහොතේ දැක්කෙ කවදාවත් එයාගෙන් නොදැකපු විදිහේ අසරණ කමක් වෙද්දි හේතුව කොයි විදිහෙන් හරි දැන ගන්න කියලා මගෙ හිත කිව්වත් එයාම හිතුණොත් ඒ ගැන කියනකම් අහන්නෙ නැතිව ඉන්න මං හිතා ගත්තා.
"හරි..දවසක හිතුණොත් කියන්න.."
එයාගෙ ඇස් වලින් ගලන කඳුලු පිහ දාපු මං එයාගෙ අතිනුත් අල්ලන් ඉස්සර උණා.මමනේ කිව්වේ කියන්න අකමැතිම දෙයක් නොකිව්වට කමක් නෑ කියලා...අනිත් අතට,මමත් එයාගෙන් ලොකු රහසක් හංගාගෙන ඉද්දී,ඒකත් කෙලින්ම අපේ සම්බන්දෙට බලපාන එකක් වෙද්දි, එයාගෙ පෞද්ගලික දෙයක් එයාගෙ අකමැත්තෙන් හාරා හාරා අහන්න මටත් අයිතියක් නෑ කියලා මට හිතුණා.
කොහොමින් කොහොම හරි ගිනි අව්වේම දවල් 1 පහු වෙද්දි අපි වෙද ගෙදරට ආවා.මිදුලේ හිටපු
වෙදමහත්තයා ස්ටෝප්පුවේ වැල් පුටුවක මටත් වාඩි වෙන්න කියලා මං එක්ක කතාවට වැටෙද්දී එයා ඇතුලට ගියේ අම්මිව එක්ක එන්න."මහත්තයාට කියන්න මහත්තයෝ ඒ දැරිවිගේ කකුල යට වෙලා තිබුණ යටවිල්ලට මං හිතුවෙ නෑ මට වත් ගොඩගන්න පුළුවන් වෙයි කියලා..."
"යට වෙලා කිව්වේ..."
මං ඇහුවේ මොකුත් හිතාගන්න බැරිව..මොකද අන්දු මට කියලා තිබුණෙ කකුල තුවාල උණේ ළිඳ ළඟ වැටිලා කියලා...ඉතිං ළිඳ ළඟ මොකට යටවෙන්නද...
YOU ARE READING
💚❤️ 🆁🅴🅼🅾🆁🆂🅴 ❤️💚 𝚈𝚒𝚉𝚑𝚊𝚗 - Complete -
Fanfiction🥀🥀🥀🥀🥀🥀🥀 FF/NonFf හදිසියෙන් යද්දී ඔබ දුරට මාගෙන් දුටුවාද කඳුලු දෑසේ ඒ ආදරයයි මා පැතුවේ ඉක්මනින් එන්න මා කීව වචනේ ඇයි නෑසුනා වාගේ තනිකම විතරක් ඉතිරි කළේ මේ පපුවේ ගිනි දැල්වේ එක මොහොතක් ඉන්නට බෑ ඈතින් පෙර වාගේ ඔය තුරුලේ තව මොහොතක් ඉන්නට බෑ ආයෙත්...