සමහර වෙලාවට අපි කරණකම් ඉවසිල්ලක් නැතිව බලන් ඉන්න දේවල් නොහිතපු වෙලාවට කරන්න පුළුවන් උනාම,පියවරක් තියන්න බයෙන් කල් දාපු සමහර දේවල් වතාවක් දෙවතාවක් අමාරුවෙන් හරි හිත හදන් කරාම, අපෙ හිත් වල තියෙන බය නිකංම අමතක වෙලා ඒ සිදුවීම් ජීවිතේ සාමාන්‍ය දේවල් වෙන්නේ නොදැනීම...
හරියට අපි අපේම උණෙත් ඒ වගේ..හැමදාම අපිට අපි ඕනා උණා..උපරිම දුර යන්න අපේ වෙන්න ඕනා උණා..ඒත් අපි ඉවසුවා...උපරිමෙන්ම ඉවසුවා...සමහර විට හිත යට තිබුණ බයක් නිසා හෝ ඇත්තටම සාධාරණ හේතු තිබුණ නිසා හෝ යම් සීමාවක ඉන්න උත්සාහ කරා...මුලින් මුලින් අපේ වයස පාඩම් වැඩ කියන දේවල් නිසා පස්ස ගැහුවත් ඊට පස්සෙත් සීමාව පන්නන්න එයාටවත් මටවත් උවමනාවක් නොතිබුණෙ කලින් කිව්ව හේතුවලටත් වඩා දෙන්නගේම යටි හිතේ තිබුණ බය නිසාදෝ කියලා හිතෙන්නේ දැන් පහු වෙලා කල්පනා කරද්දියි...
කොහොමින් කොහොම හරි නොහිතපු වෙලාවක නොහිතපු විදිහට අපි අපේ උණා...මගෙ අන්දු මැණික මන් මගෙම කරගත්තා...ඉතිං ඊටත් පස්සෙ අපි උපරිම දුර ගියපු අපේම උණු වතාවන් ගාණ ගනින්න දැන් නම් අතේ ඇඟිලිත් මදි වෙන තරම්...මුල් දවස් වල පළවැනි වතාව දෙවනි වතාව කිය කිය දිනත් එක්ක මතක තියා ගත්තා වෙද්දී පස්සෙ වාර ගණන වැඩි වෙන්න වෙන්න දවසක විශේස උණ ඒ හැමදේම සාමාන්‍ය වෙලා තිබුණා..
ඒත් වෙනස් නොවුණ දේවල් කීපයක් තිබුණා...අපි අපේ උණ දවස් ගණන් කොයි තරම් උණත්,තාමත් එයා ළඟදී දැනෙන ඒ හැඟීම් මුල් වතාව වගේම උණා..වගේම කියනවාටත් වඩා ඒ හැඟීම් තව තවත් වැඩි උණා...එයාව නැතිව ඉන්න බැරි තරමටම...කලින් හිත විතරක් පිස්සුවෙන් වගේ ඉල්ලපු එයාව දැන් ගත ඉල්ලන්නෙ ඇබ්බැහි උණ උමතුවකින්...
ඒ හැඟීම් අතරෙම,අමතක කරන්න හැදුවටවත් අමතක කරන්න බැරි වේදනාකාරී හැඟීමකුත් මගේ හිත යට හැංගිලා තිබුණෙ අවාසනාවකට....එදා අපි අපේ උණත්,ඒ දේ කොහොමත් වෙන්න තිබුණ දෙයක් උණත්...ඒත් එයා හදිසියේ ඇයි එහෙම කරේ... ඇත්තටම මාව ඕනා උණු නිසාද.. නැති නම් එයාට ඕනා උණේ එයා මාව විස්වාස කරන තරම ඔප්පු කරන්නද කියන්න මට තාමත් තේරුම් ගන්න බැරි උණා...
YOU ARE READING
💚❤️ 🆁🅴🅼🅾🆁🆂🅴 ❤️💚 𝚈𝚒𝚉𝚑𝚊𝚗 - Complete -
Fanfiction🥀🥀🥀🥀🥀🥀🥀 FF/NonFf හදිසියෙන් යද්දී ඔබ දුරට මාගෙන් දුටුවාද කඳුලු දෑසේ ඒ ආදරයයි මා පැතුවේ ඉක්මනින් එන්න මා කීව වචනේ ඇයි නෑසුනා වාගේ තනිකම විතරක් ඉතිරි කළේ මේ පපුවේ ගිනි දැල්වේ එක මොහොතක් ඉන්නට බෑ ඈතින් පෙර වාගේ ඔය තුරුලේ තව මොහොතක් ඉන්නට බෑ ආයෙත්...