🥀40.විස උණු වදන් 🥀

690 134 70
                                    

ටිකින් ටික කාලෙ ගෙවිලා යද්දි ලව් කිරිල්ල පැත්තක තියෙද්දි එයා වගේම මමත් පොත් වලම ඇලිලා ගිලිලා හිටියා..ස්කූල් යනවා එනවා...ක්ලාස් යනවා එනවා පාඩම් කරනවා..පේපර් කරනවා...note ලියනවා...අපේ ලෝකේම අපි උණත්,ඒ ලෝකේ අමතක වෙන තරමට ටිකින් ටික නොදැනිම අපි පොත් අස්සේම හිරවෙලා හිටියා..සමහර වෙලාවට පාඩමක් ගැන ඇරුණම phone එකෙන්වත් වෙන දෙයක් ගැන කතා කරන්නවත් වෙලාවක් නොතිබුණ තරම්...ඉඳලා ඉඳලා මහන්සියෙන්ම ගෙවුණ සතියක් අවසානේ අපි මුණ ගැහුණත් ඒ වෙලාවටත් අපිට විසඳන්න කතා කරන්න ප්‍රස්න තිබුණා...අපේ දේවල් නෙමෙ පොත් වල දේවල්...

ටික ටික කල් යද්දි මට පෙනුණේ එයා තව කෙට්ටු වෙලා වගේ..ඇස් යට කලු වෙලා රෑ නිදි මරලම...මන් දන්නවා එයාට මටත් වඩා මහ ගොඩක් මහන්සි...එයා පාඩම් වැඩ අස්සේම,ස්කූල් වලින් පස්සෙ සතියට දවස් 4ක්ම ක්ලාස් කරනවා..එහෙන් ක්ලාස් යන්න එන්න පැය ගණන් බස් වල...ඒ මදිවට රෑ මැදක් වෙනකං පාඩම් කරලා ඇඳුනුත් තිබුණොත් මහනවා..ඒ අස්සෙ ගෙදර වැඩ..උයන්න පිහන්න අතුගාන්න...එයා මහන්සි වෙන එකෙන් කාලක් වත් මහන්සි නොවී මට මේ තරම් අමාරු නම් එයාට කොහොම ඇත්ද...අඩුම එයාට හයියක් ඕනම වෙලාවේ අම්මිවත් හොදින් සනීපෙන් හිටියා නම්..අම්මි සනීපෙන් ඉඳලා කඩේ වැඩ කරගෙන ඉන්න පුළුවන් උණා නම්...අඩුම එයාට සල්ලි හොයන්න මහන්සි නොවී ඉගෙන ගන්න එකට හිත යොමු කරන්න තිබුණා...කලින් තරම් ප්‍රතික්ෂේප නොකර,මගෙ පොඩි පොඩි උදව් පිළිගත්තත්, මමායි පපායි උදව් කරන්න හැදුවත් එයා ඒ උදව් ප්‍රතික්ෂේප කරා..කොහොමත් මන් උණත් කැමැති නෑ කාටවත් ණය වෙන්න...සමහර විට මන් අන්දුටත් එහා...ඒ උණත් එයා අඩුම මාවවත් පිළිගන්නවා නම්....මමා පපා එයාට තේරුම් කරන්න උත්සහ කරා...දවසක එයාට ඒ දේවල් වලට දෙතුන් ගුනෙකින් උණත් ගෙවන්න පුළුවන් කියලා...ඒත් අන්තිමේ එයා ඒකටත් තර්කයක් හොයා ගත්තා...

"අනාගතේ මොනා වේවිද කව්ද දන්නේ...බැරි වෙලාවත් මට ඒ දේවල් ගෙවාගන්න බැරි උනොත්...කවදාවත් මට හිතේ සැනසීමේ ඉන්න බැරි වෙයි.."

එයා ඔය කතාව කිව්ව දවසේ නම් මන් විතරක් නෙමෙ පපාත් එයත් එක්ක තරහා උණා..තරහා උණා විතරක් නෙමෙ...මමා බේරුවේ නැත්තම් එයා පපාගෙන හොඳ පාරකුත් කනවා..

 💚❤️ 🆁🅴🅼🅾🆁🆂🅴 ❤️💚 𝚈𝚒𝚉𝚑𝚊𝚗 - Complete -Where stories live. Discover now