The World Deceived By Love
ආදරයෙන් රැවුටුණ ලෝකය...
ඔට්ටුවක් වෙනුවෙන් ආදරේ කරන්න ගිය,අහංකාර,රස්තියාදුකාර,තොරොම්බල් කාරයා ඉමා...ගොඩේ හිඟන්නෙක් නිසා ආදරයෙන් පැරදුණ වගයි...රැවටීමක්... රැවටීමක්...පටන් ගැන්ම වගේම වගේම අවසානෙත්...සම්පූර්ණ රැවටීමක්....
අන්දුගෙන් අමාන්ට.... 3 න් වැනි anniversary එක වෙනුවෙන්.....සදා මතකයේ රැඳී තෑග්ගක්....💔💔💔
විඩියෝ එකේ දාලා තිබුණ caption එක මගෙ හිත ඇතුලේ දෝංකාර දුන්නා...විකුමා අමාන්ට කෑ ගහද්දී විඩියෝ එක ඩිලිට් කරන්න කියලා අමාන් මගෙ ෆොන් එක හෙව්වා...ෆොන් එක කෝ අහද්දී එකපාර සිහියට ආවෙ නැතිව මම වටපිට බලද්දී අමාන්ගේ මූණේ එකපාර ඇඳුන සැනසීම මං දැක්කා... එයා මන් වැරදි නෑ කියලා හිත සනසාගන්න හේතු හොයනබව පෙනුණා...ඒත් ෆොන් එක තිබුණෙ මගෙ සාක්කුවේ වෙද්දි එයාගේ මූණ එක තප්පරෙන් මැල වෙද්දී එයා ෆොන් එක අරන් විඩියෝ එක ඩිලිට් කරා...
"නෑ කියපන්...මැණික....
මේ කිසි දෙයක් දන්නේ නෑ කියලා විතරක් කියපන්...
නෑ කියලා විතරක් කියපන් මට...
ඒ එකම වචනේ විතරක් කියපන් මං වෙනුවෙන්...
මං දන්නවා...මං දන්නවා මං උඹට මෙහෙම කරත්...උඹට මේ වගේ දෙයක් කරන්න හයියක් නෑ...
උඹ උඹ මොකකට හරි හිත රිද්දන් ඉන්නෙ ඔය...ඒකයි එකයි කතා නැත්තෙ...
කියපන්.. කියපන් අරුන් මොනා හරි කිව්වද ආයෙම...
අරු කාලකණ්ණියා කරදර කරන්න හැදුවා නේද උඹට...
මං ඕකව තියන්නේ නෑ...උගෙයි මගෙයි යාලුකම අදින් ඉවරයි...
උඹට රිද්දන ඔක්කොටම මං රිද්දන්නම්...
ඔහොම ඉන්නෙ නැතිව කතා කරපං බන්..
අඩුම මට බැනපන්...
හරි ඕනා නෑ...මොකුත් කියන්න ඕනා නෑ...
අඩුම නෑ කියන්න ඔලුව විතරක් වනපන්...ඔව්...ඔලුව විතරක් හොලවපං...
මං ඇස් වහගෙන උබව විස්වාස කරන්නම් දෙයියෝ...
ඇස් වහන් විස්වාස කරන්නම්....
YOU ARE READING
💚❤️ 🆁🅴🅼🅾🆁🆂🅴 ❤️💚 𝚈𝚒𝚉𝚑𝚊𝚗 - Complete -
Fanfiction🥀🥀🥀🥀🥀🥀🥀 FF/NonFf හදිසියෙන් යද්දී ඔබ දුරට මාගෙන් දුටුවාද කඳුලු දෑසේ ඒ ආදරයයි මා පැතුවේ ඉක්මනින් එන්න මා කීව වචනේ ඇයි නෑසුනා වාගේ තනිකම විතරක් ඉතිරි කළේ මේ පපුවේ ගිනි දැල්වේ එක මොහොතක් ඉන්නට බෑ ඈතින් පෙර වාගේ ඔය තුරුලේ තව මොහොතක් ඉන්නට බෑ ආයෙත්...