"ඉතිං අද ඉඳන්...මගෙ ආදරේ වෙනුවෙන්... මං කරන කිසි දේකට...හේතු අහන්නෙ නෑ නේද මැණික....මං මොන දේ කරත්,දුන්නත් ඔයා මට ණයයි කියලා හිතන්නෙ නෑ නේද..."
මං ඇහුවේ ඒ මූණ අත් දෙකට මැදි කරන්...
"ඒ හැමදෙක්ම මට දරාගන්න පුළුවන් තරමේ වෙනකන්.....ඔයාටත් මටත් ප්‍රස්නයක් වෙන දෙයක් නොවෙන තාක්.... මං අහන්නෙ නෑ අමාන්...."
එයා මගෙ ඇස් දිහාම බලන් කිව්වේ තව ටිකක් මගෙ බෙල්ලෙ එල්ලෙන ගමන්..
"ඉතිං ඔයා මුරණ්ඩු වෙද්දී...ඔයාටවත් මටවත් නරකක් නොවෙන දෙයක්
මං කරන්න බල කරොත්, කියනවද ආයි...මං ඔයාට බලහත්කාර කම් කරා කියලා...."මං ඇහුවේ එයාගෙ තොල් උඩින් මගේ මාපට ඇගිල්ල අරන් යන ගමන්..ඔව් ඉතිං අනිත් දේවල් කෙසේ වෙතත්..එයාව ඉස්සෙල්ලා බලෙන් කිස් කරපු එකට මට දුකයි...මොනා උණත් පළවැනි කිස් එකනෙ මගෙ..ඒ වගේම විස්වාසයි...එයාගේත්....මන් නිකමට වගේ බලාපොරොත්තු උණා එයත් ආපස්සට කිස් කරයි කියලා.ඉතිං එහෙම නොවෙද්දී ඒ පළවැනි කිස් එකේ මට දැනුණේ අසම්පූර්ණ බවක්...ඉතිං මට ඕනා සම්පූර්ණ කරන්න...ඒත් මට බයයි...අමාරුවෙන් හැමදෙම හරි ගස්සා ගද්දීම ආයි අවුල් වෙයි කියලා මට බයයි..
මගෙ ඇගිල්ල ටිකෙන් ටික ඒ තොල් උඩ එහා මෙහා යන වේගේ වැඩි වෙද්දී ඒ ඇස් මගෙ ඇස් වල ගැඹුර හොයන ගමන් කලබලෙන් ඇස් පිල්ලම් ගැහුවා.අනිත් තප්පරේ යාන්තං තොල් ඈත් කරපු එයා මගේ ඇගිල්ල යාන්තමින් කට ඇතුලට ගත්තෙ මං නිකංවත් නොහිතපු විදිහට..කරපු වැඩෙන් දැනටමත් මං ගැස්සිලා රත් වෙලා දියවෙලා ඉද්දී එයාගෙ තොල් වලට හිරවෙලා තිබුණ ඇගිල්ලට යාන්තමින් වගේ එයාගෙ දිවේ පහස දැනෙද්දී මං ඇගිල්ල එළියට ඇදලා ගත්තෙ කලබලෙන්...මොන මඟුලක් කරනවාද මන්දා... මෙතන රෙදිත් නැතුව....යකෝ මූ හිතන්නේ මං රොබෝ කෙනෙක් කියලද...කිස් එකක් ඕනා වෙද්දී වෙන වෙන වල්කම් කරන්නේ...ෂැක් යකෝ මූ නම්...හැමදාම ඔය වගේ..මං අඩියක් තියද්දි මේ ඇම්ඩා අඩි 10ක් තියනවා.ළඟ ඉන්නත් බයයි වගේ අම්මෝ.....
YOU ARE READING
💚❤️ 🆁🅴🅼🅾🆁🆂🅴 ❤️💚 𝚈𝚒𝚉𝚑𝚊𝚗 - Complete -
Hayran Kurgu🥀🥀🥀🥀🥀🥀🥀 FF/NonFf හදිසියෙන් යද්දී ඔබ දුරට මාගෙන් දුටුවාද කඳුලු දෑසේ ඒ ආදරයයි මා පැතුවේ ඉක්මනින් එන්න මා කීව වචනේ ඇයි නෑසුනා වාගේ තනිකම විතරක් ඉතිරි කළේ මේ පපුවේ ගිනි දැල්වේ එක මොහොතක් ඉන්නට බෑ ඈතින් පෙර වාගේ ඔය තුරුලේ තව මොහොතක් ඉන්නට බෑ ආයෙත්...