" Thank you "
ඔව් එයා කිව්වේ එච්චරයි...තව මොනවාම හරි කියයි කියලා බලාපොරොත්තු උණත් අනිත් අතට ඩෙස් එක උඩ තිබුණ බෑග් එකත් අරන් දෙකට නැමිලා දුවගෙන ගියේ ඉස්සරහා ඉඩ තිබුණු බංකුවකට....මෙහෙම දෙයක් කීයටවත් බලාපොරොත්තු නොවුණා වෙද්දි මන් වගේම කොල්ලො ටිකත් බලන් හිටියෙ ෂොක් වෙලා.....
දාහක් දේවල් අහන්න හිතේ තිබුණත් අන්තිමේ නමවත් අහගන්න බැරි වෙද්දී ඉස්සරහින් ඉන්න එයා දිහා මං ඔහේ බලන් හිටියා...."මං කිව්වේ බං... උඹට ලේසි වෙන්නේ නෑ..."
ධනුවා රහසින් වගේ කිව්වේ මගෙ අතට තට්ටුවක් දාන ගමන්.
"ඌ මැදින් පැනලා ඉල්ලන් කාපු අවුලට සොරි කිව්වත් අනිත් අතට උඹ ජැකට් එක දීපු නිසා ඇඳුම ඉරුව එකට සමාව දුන්නත්...නිකං මතක් කරපංකො උඹ කිව්ව ජරා කතා ටික....ඉතිං ඌ ඔහොම හිනා හරි උණ එක ගැන සතුටු වෙයන්...."
ධනුවා කියපු හැමදෙම ඇත්ත වෙද්දී මං හෙමින් ඔළුව හෙල්ලුවා... ඉතිං එයාට හේතු තිබුණා මඟ අරින්න....ඒත් ඉතිං ඒ කරපු දේ නිසා මගෙ පපුව කොනිත්තනවා වගේ දැනෙන්නේ ඇයි...මං කොහොමත් පටන් ගත්තු වැඩක් මඟ නවත්වන්න කෙනෙක්වත් ,භාගෙට කරන කෙනෙක්වත් නෙමෙයි... ඒත් ඉතිං...
මේ තරම්ම හැඟීමෙන් බොරුවක් කරන්න පුළුවන්ද කාටවත්....සිද්ද උණ දේත් එක්ක අදත් පාඩමට හිත යොදවන එක ගොඩක් අමාරු උණා.දැනී නොදැනිම ඇස් නතර උණේම අපි ඉන්න තැනට වම් පැත්තෙ තිබුණ ඩෙස් පේලියෙ අපිට පේලි 4කට විතර කලින් ඉන්න එයා ළඟ.ඉතිං අමාරුවෙන් ගෙවුණ දිග කාලෙකට පස්සෙ අන්තිමේ විනාඩි 15ක ඉන්ටවල් එකක් හම්බ උණා...වෙනදට කොල්ලො ටිකත් එක්ක එළියට ගිහිං ආවත් ,ඉන්ටවල් එක දෙද්දීම මොකුත් නොකියාම මං කට්ටියට සැලියුට් එකකුත් දාලා පොත් ටිකත් අරන් නැගිට්ටේ උන් ටික සූ ගාගෙන කුප්ප විදිහට හිනා වෙද්දී...
එහෙමම මං කඩි ගුල වගේ එළියට යන ළමයි අස්සෙන් රිංගලා ගිහින් බංකුවෙ දකුණු කෙලවරේ වාඩිවෙලා හිටපු එයාගෙ වම් පැත්තෙන් වාඩි උණේ බංකුවට උඩින් පැනලා වෙද්දී ගැස්සිලා ගිය එයා බලන් හිටියෙ පුදුමෙන්...බය වෙලාද මන්දා....ඔව් ඉතිං වැරදි කරාම බයවෙන්නත් එපැයි...කේලම් කියාපු හැටි මතක් වෙනවාත් ඇති...අද හවසත් යයිද දන්නේ නෑ...මං ඇවිත් ළඟින් වාඩි උණා කියන්න.
YOU ARE READING
💚❤️ 🆁🅴🅼🅾🆁🆂🅴 ❤️💚 𝚈𝚒𝚉𝚑𝚊𝚗 - Complete -
Fanfiction🥀🥀🥀🥀🥀🥀🥀 FF/NonFf හදිසියෙන් යද්දී ඔබ දුරට මාගෙන් දුටුවාද කඳුලු දෑසේ ඒ ආදරයයි මා පැතුවේ ඉක්මනින් එන්න මා කීව වචනේ ඇයි නෑසුනා වාගේ තනිකම විතරක් ඉතිරි කළේ මේ පපුවේ ගිනි දැල්වේ එක මොහොතක් ඉන්නට බෑ ඈතින් පෙර වාගේ ඔය තුරුලේ තව මොහොතක් ඉන්නට බෑ ආයෙත්...