ඉතිං එයා ගියා...යන්න දීලා මං බලන් හිටියා...මුළු හිතටම දැනුණේ මහම මහ හිස් හැඟීමක්...අවුරුදු ගාණක් නිදන් ඉඳලා හිටි හැටියේ කෝමා එකකින් ඇහැරිලා වගේ...මොනා කරන්නද කොහොම කරන්නද නොදැන දොර පඩිය උඩ වැටිලා එයා ගිය දිහාවේ මං ඔහේ බලන් හිටියා...හිතන්න,හිතලා තේරුම් ගන්න මහ ගොඩක් දේවල් තිබුණත් මගෙ හිත එක තැන නතර වෙලා තිබුණා...
"පලයව්..!! තොපි ඔක්කොම පලයව්...!!අදින් පස්සේ තොපි එකෙක් එන්න එපා...මගෙ දෑහැට පේන්න...!!"
අරුන් දෙන්නා සෑහෙන වෙලාවක් ඔහේ මොන මොනවාද කියෙව්වා...එක වචනයක් කණට නොයද්දි ඇහුණේ කන්කරච්චලයක් විතරයි...අන්තිමේ බැරිම තැන මං උන්න තැනින් නැගිට්ටා...නැගිටලා ගිහිං දෙන්නවම අතින් ඇදන් ගිහිං දොරෙන් එළියට දාලා මූනටම දොර වැහුවා...එකෙක් ඕන නෑ...තොපි එකෙක් ඕනා නෑ මට...
අන්තිමට උන්ව එළියට දාලා අසිහියෙන්ම වගේ මං කාමරේට ආවා...කවදාවත් නැතිව ඒක පිස්සන් කොටුව වගේ...එයා කාමරේ අයිනක බලා ගත්තු අත බලන් ඉන්න හැටි මැවිලා පෙනුණා..අසිහියෙන් වගේ බිම වැටිලා හිටපු හැටි මතක් උණා...වචන දාහක් කියලා හිත හදන්න හැදුවත් එකපාරක් තුරුළු කරගන්න බැරි උණා නේද කියලා හිත කෑ ගැහුවා...මේ දැන්ම මේ මොහොතෙම එයාව හොයන් යන්න ඕනා උණා...ඒත් ..එයාට හිත හදන් තීරණයක් ගන්න කල් දුන්නේ මමම නිසා අමාරුවෙන් මං මාවම පාලනේ කරගත්තා..
ඒත් මේ හවස් වෙන වෙලාවේ එයා කොහෙ ගියාද කොහොම ගියාද කියලා මතක් වෙද්දි මාව පිච්චුනා...එහෙමම එයාට කෝල් එකක් දෙන්න ඕනා කියලා හිතෙද්දි මතක් උණේ එයාගෙ ෆොන් එක මං ගත්තා කියන්න..මං ඒක තිව්වේ ඇද උඩ කියන්න මතක තිබුණත් ඒක එතන නැතිවෙද්දී හැඩි උණ කාමරේ පුරා මං ෆොන් එක හෙව්වා..හොයාගන්න නෑ..එයා ෆොන් එක අරන් යන්න ඇති..හිතට දැනුණේ සැහැල්ලුවක්..ඒත් ආපහු මතක් උණා විකුමා එයාව ඇදගෙන යද්දි ෆොන් එක ගන්න තරම් වෙලාවක් තිබුණද..මං ආයි හෙව්වා හැමතැනම...මගෙ ෆෝන් එකෙන් රින්ග් කරත් ෆොන් එක වැඩ නෑ...
අන්තිමේ බැරිම තැන මං ධනුවට කෝල් කරා...ඒ ෆෝන් එක බිසී වෙද්දි මං එහෙම්ම මුට්ටියට ගත්තා..
YOU ARE READING
💚❤️ 🆁🅴🅼🅾🆁🆂🅴 ❤️💚 𝚈𝚒𝚉𝚑𝚊𝚗 - Complete -
Fanfiction🥀🥀🥀🥀🥀🥀🥀 FF/NonFf හදිසියෙන් යද්දී ඔබ දුරට මාගෙන් දුටුවාද කඳුලු දෑසේ ඒ ආදරයයි මා පැතුවේ ඉක්මනින් එන්න මා කීව වචනේ ඇයි නෑසුනා වාගේ තනිකම විතරක් ඉතිරි කළේ මේ පපුවේ ගිනි දැල්වේ එක මොහොතක් ඉන්නට බෑ ඈතින් පෙර වාගේ ඔය තුරුලේ තව මොහොතක් ඉන්නට බෑ ආයෙත්...