🥀64.නෙතු මගෙ ඇඬුවා..මතකය ගෙන ආ...🥀

658 128 44
                                    


ඉතිං මේ වෙලාවෙත් ඇදේ හෙඩ් බොර්ඩ් එක බදන් අඩ අඩ හිටපු එයා හිටි ගමන් ඇද උඩින් නැමිලා ඉද්දී මට මතක් උණේ දැන් පැය කීපෙකට කලින් ඔය වගේම නැමිල මං එයාව කිස් කරපු හැටි වෙද්දී එක තප්පරෙකට මාව හිරි වැටෙද්දී මගෙ කල්පනාව එහෙ මෙහෙ ගියා...ආයිමත් එයාට අවධානේ දුන්නත් එයා මට පිටුපාලා හිටපු නිසා එයා නැමිලා අතට ගත්තෙ මොකක්ද කියන්න මට පෙනුණේ නෑ...එයා එහෙමම ඔළුව නමන් අත් දිහා බලන් ඉන්නවා කියන්න මට තේරුණා... එහෙම්ම එයාගෙ දකුණු අත එයා පහලට දික් කරා එතකොටයි මං දැක්කෙ එයා අතේ තිබුණ පලතුරු කපන පිහිය...

එකපාර මාව ෂොක් උණා...මොකුත් හිතා ගන්න බැරි වෙද්දී මං බලන් හිටියේ පිහිය දිහා...පිහිතලේ දිගේ රූටලා ආපු රතුම රතු ලේ බිංදුවක් සුදු පාට ටයිල් පොළවට වැටෙනවා දකිද්දී මන් ගල් ගැහිලා බලන් හිටියා...ඇහි පිල්ලමක් ගහන තප්පරෙන් එයාගෙ අත ආයිමත් උඩට යනවා දකිද්දීමත් ඉලඟ මොහොතේ මං එයාව පිටි පස්සෙන් බදා ගන්න ගමන් එයා පිහිය අල්ලන් හිටපු අතත් තුවාල උණ වම් අතත් මං මගේ අත් වලින් හිර කරලා අල්ල ගත්තා...

"තමුසෙ..තමුසෙ මෙහෙට ආවේ ඇයි.."

මං එයාව මගේ පපුවට තද කරගන්න ටිකට එයා මගෙන් ඇහුවා මං ආවේ ඇයි කියලා...ඒ අහද්දී මාව ෂොක් උණා...එයා කොහොමද මාව අඳුර ගත්තේ...වෙන කෙනෙක් කියලා රැවටිලාද...එයා මගෙන් පිලිතුරු බලාපොරොත්තු නොවිම අත නිදහස් කරන්න දැගළුවා වෙද්දී තාමත් පිහිය එයාගෙ අතේ නිසා මං එයාව හෙලවෙන්න බැරි වෙන්න තවත් තද කරලා අල්ල ගන්න ගමන් එයාව තව ටිකක් පපුවට තද කරන් මන් එයාගෙ උරහිසට උඩින් එබිලා බැලුවේ එයාගෙ අත දිහා....වාසනාවකට වගේ ගැඹුරට කැපිලා නැති බව දකිද්දී මට සැහැල්ලුවක් දැනුණා...

"තමුසෙ..වෙනදාටත් එනවා නේද.. මේ වෙලාවට..ඇයි..තමුසෙට මොනවාද ඕනා..ඇයි මං නිදි අතරේ ඇවිත් මගෙ ළඟට වෙලා අඬන්නේ...තමුසෙට ඕනා මටත් රිදෙනවා බලන්නද.."

මගෙන් අත මුදවා ගන්න බැරි තැන එයා ආයිමත් කැ ගැහුවා...ඒ කියන්නේ එයා දන්නවා මං එනවා කියන්න...එයා ළඟ ඉන්නවා කියන්න...ඒ කියන්නේ එයා...එයා මං කිස් කරද්දි නිදි වගේ හිටියේ බොරුවට වත්ද... මාව කිස් කරේ හිතලමද...ධනු එක්ක කියපුවා එයා අහං හිටියද...මගේ හිත මගෙන් ප්‍රස්න කරත් තමුසෙට ඕනා මටත් රිද්දන්නද කියලා එයා අහද්දී හිතට ආපු වේදනාවටම මට ඉකි ගැහෙද්දි මට නොදැනිම මං එයාගෙ පිටේ මූණ හංගා ගත්තා...මට දැනුණා එයා ගැස්සුණා.....

 💚❤️ 🆁🅴🅼🅾🆁🆂🅴 ❤️💚 𝚈𝚒𝚉𝚑𝚊𝚗 - Complete -Where stories live. Discover now