එදා මං කාමරෙන් එලෙව්වට පස්සෙ අඬ අඬාම ගිය එයාව මං රෑ මැද හොයා ගත්තෙ කුස්සියේ මුල්ලකින්...කවුරු හරි දකිනවාට බයෙන්දෝ ෆ්රිජ් එකට මුවා වෙලා බිම ඉඳගෙන අඬ අඬ හිටපු එයාට එහෙමම නින්ද ගිහිං තිබුණා වෙද්දි බැනියම පිටින් හිටපු එයාගෙ අත් වල ඇඳගෙන හිටපු රතුපාට ෂර්ට් එක ගුලි වෙලා තිබුණා..කඳුලු නිසාමදෝ තෙත් වෙලා ගිහිං...කොයිතරම් ආසාවෙන්ද මහන්න ඇත්තේ.. කොයි තරම් ආසාවෙන් දෙන්නත් එක්ක ඇඳගෙන ඉන්න හීන මවන්න ඇත්ද..ඒත් ඇයි...ඒ වෙලාවේම එයාට ඒ තේරුමක් නැති පරණ දේවල් මතක් උණේ...ඒ කියන්නේ...ඒ දේවල් මතක නැ වගේ හිටියට එයාට ඒ දේවල් තාම මතකද...මතක තිබුණත් කමක් නෑ... ඒත් අද උණ දේ නිසා තේරෙන්නේ එයාට ඒ දේවල් මතකයි විතරක් නෙමෙ එයා ඒ දේවල් ගැන කල්පනාත් කරනවා...
මං එහෙම කිව්වා තමා..ඒකත් එයාව අඳුර ගන්නත් කලින් කේන්තියට කියපු එකක්...අනික එදා,විල ළඟදී, එයාගෙ නළල මුලින් කිස් කරපු වෙලාවේ එයා අළුත් ඇඳුම් ඇදලා හිටියද...අනිත් අතට
එයාගෙ ගෙදරදී අර තරම් ලං උණ වෙලාවේ දැලි කුණු පෙරාගෙන ඉහින් කණින් දාඩිය දාගෙන ගෙදරට අදින කලිසම් කොටයක් ඇඳගෙන ඉද්දී එයාව කිස් කරපු මනුස්සයාගෙන් නේද එයා ඒ වගේ දෙයක් ඇහුවේ...අපි මේ තරම් දුර ගිහිල්ලත්,එයා තාම ඕවා හිතේ තියන් ඉන්නවාද...එයාට කියලා එයාගේ කැමැත්තත් අරන්ම එයාට ලං නොවි ඉද්දී,මං එයාට ලං නොවී හිටියෙ අප්පිරියාවක් නිසා කියලා එයා කොහොමද හිතුවෙ..නිකං හරි සැකයක් තිබුණා නම්..අහන්න බැරි උනාද මගෙන්...කොහොම උණත්,අද උණ දේ නිසා,අරුන් ටික අල්ලපු ඔට්ටුව ගැනත්, video එක ගැනත්,නොකියා හිටපු එක ගැන මන් පළවැනි වතාවට සතුටු උණා...අර වචනයක් අල්ලාගෙන ඔහොම නම්....ඒවත් දැනගත්තොත්...කලින්ටත් වඩා හිතට ආපු බයක් එක්කම එයාව එහෙම දකිද්දීත් පපුව කඩන් යන්න තරම් වේදනාවක් දැණෙද්දී මං එයාවත් උස්සන් කාමරේට ගියා...කොට්ට තාප්ප සීමා මායීම් ඔක්කොම අමතක වෙද්දී මේ වහල යට පළවැනි වතාවට මං,දැනටමත් නින්දේ හිටපු එයාවත් තුරුළු කරන් බිදුණු හිතත් එක්ක නින්දට වැටුණා...
රෑ තුරුළු කරන් නිදියා ගත්තා උණත් උදේ ඇහැරුණ වෙලාවේ ඉඳන් හිතට දැනුණේ එයාට මූණ දෙන්න බැරි කමක්...වැරද්දක් කරාද කියන්න දන්නේ නෑ ඒත් එයා ඇස් දෙකේ කඳුලු පුරවන් සමාව ඉල්ලන්න හදද්දී මට දැනුණේ අපහසුවක්..සමාව දෙන්න හෝ ගන්න වැරැද්ද කාගේද කියන්නවත් නොතේරෙද්දී,හිතට දැනුණ අපහසුව නිසාම උදේ ඇහැරුණ වෙලාවේ ඉඳන් මං එයාව මඟ අරින්න උත්සාහ කරා..
YOU ARE READING
💚❤️ 🆁🅴🅼🅾🆁🆂🅴 ❤️💚 𝚈𝚒𝚉𝚑𝚊𝚗 - Complete -
Fanfiction🥀🥀🥀🥀🥀🥀🥀 FF/NonFf හදිසියෙන් යද්දී ඔබ දුරට මාගෙන් දුටුවාද කඳුලු දෑසේ ඒ ආදරයයි මා පැතුවේ ඉක්මනින් එන්න මා කීව වචනේ ඇයි නෑසුනා වාගේ තනිකම විතරක් ඉතිරි කළේ මේ පපුවේ ගිනි දැල්වේ එක මොහොතක් ඉන්නට බෑ ඈතින් පෙර වාගේ ඔය තුරුලේ තව මොහොතක් ඉන්නට බෑ ආයෙත්...