උදේ වරුවේ ක්ලාස් එක හිතේ සතුටින් සාමකාමීව ගෙවුණත් දවල් කෑමෙන් පස්සෙ ක්ලාස් එකට ආපු මං හිටියෙ පොඩ්ඩක්වත් හොදින් නෙමෙ....එයා නම් උදේ වගේම...මොකුත් නොවෙන ගාණට පොතේම ඔළුව ගහන්...හැබැයි කතා නෑ...මගෙ හැකර කටට පිංසිද්ද වෙන්න.....මගෙ ඇස් ගියේ ඩෙස් එක උඩ තියෙන පොඩි බීම බෝතලේ දිහාට...එන කේන්තියට අල්ලලා විසි කරන්න හිතයි මට.ඒත් ඉතිං දැන් පැය ගාණක් තිස්සේ ඒ දිහා බලන් ඉන්නවෙලා....ක්ලාස් එකට එද්දී දැකපු දේ ආයි ආයිමත් මතක් වෙද්දී මං මාව පාලනේ කරගත්තෙ හරි අමාරුවෙන්....
කාලා පංතියට ඇවිත් එයා ළඟට යන්න යද්දී දැක්කෙ ඒ කෙල්ලව...ඔව් උෂානි....අර ගොඩේ ආච්චි....එයාට එහා පැත්තෙන් ඩෙස් එකත් බංකුවත් අතර ඒ කෙල්ල හිටගෙන හිටියා...එතන වාඩිවෙලා ඉඳලා යන්න නැගිටිනවා වගෙයි පෙනුණේ....ඒකි හම්බෙන්න ඕනා නිසාද...මං අර තරම් බල කරලත් මාත් එක්ක කන්න යන්න නාවේ....ඒකද....
අත් දෙක කිටි කිටියේ මිට මෙලවෙද්දී දත් මිටි කකා ක්ලාස් එක මැද්දෙ හිටගෙන මං බලන් හිටියා.ඒකි එයාගෙ උරහිසටත් අතක් තියලා අතේ තිබුණ බීම බෝතලයක් ඩෙස් එක උඩින් තියලා බංකුව දිගේ ඇවිත් ක්ලාස් එකේ අනිත් සයිඩ් එකට යනකං මං බලන් හිටියෙ බොහොම ඉවසීමෙන්....
ඒ කෙල්ල....කවුද එයාගෙ....ගර්ල් ෆ්‍රෙන්ඩ්...නැත් නම් නෑදෑ කෙනෙක්....යාලුවෙක් වෙන්න බෑ...එයා කිව්වේ යාලුවො නෑ කියලනේ...නිකංම අඳුරන කෙනෙක්....බීම ගෙනත් දීලා ළඟ ඉඳගෙන කතා කරලා යන්න තරම් හිත්වත් කමක්.....ඇත්තටම මං අන්දු ගැන මොනවාද දන්නෙ දෙවියනේ....අහන්නම ඕනා දේ මට අහන්න අමතක උණේ කොහොමද....එයාට ගර්ල් කෙනෙක් ඉන්නවා ඇතිද....හරියට යාලුවො වත් නොවෙද්දී එයාගෙන් ඒ වගේ පෞද්ගලික දෙයක් අහන එක හරිද...මොනා උණත්....
මට කේන්තියි දෙවියනේ....හුස්ම හිරවෙන තරම්....
YOU ARE READING
💚❤️ 🆁🅴🅼🅾🆁🆂🅴 ❤️💚 𝚈𝚒𝚉𝚑𝚊𝚗 - Complete -
Fanfic🥀🥀🥀🥀🥀🥀🥀 FF/NonFf හදිසියෙන් යද්දී ඔබ දුරට මාගෙන් දුටුවාද කඳුලු දෑසේ ඒ ආදරයයි මා පැතුවේ ඉක්මනින් එන්න මා කීව වචනේ ඇයි නෑසුනා වාගේ තනිකම විතරක් ඉතිරි කළේ මේ පපුවේ ගිනි දැල්වේ එක මොහොතක් ඉන්නට බෑ ඈතින් පෙර වාගේ ඔය තුරුලේ තව මොහොතක් ඉන්නට බෑ ආයෙත්...