එයා හිටියේ ලොකු කෙසෙල් කොළ ගොඩක් දිග ඇරගෙන බත් පාර්සල් හද හද වෙද්දි මං බලන් හිටියෙ පුදුමෙන්...ඇයි යකෝ කෙසෙල් කොළ කොහෙන්ද හොයා ගත්තෙ...එවත් මාකට් එකෙන් ගත්තා වෙන්න බෑනෙ...කෙසෙල් කොළ වලි බත් ඔතපු එයා මොනාදෝ මන්දා පටි වගේකින් ඒ පාර්සල් ගැට ගැහුවා..ගැට ගහලා
එහෙමම ආපහු රයිස් කුකර් එක ගහලා එයා අර බත් පාර්සල් පිටින්ම රයිස් කුකර් එකට දාලා පියන වහලා තියලා ටිකකින් එළියට අරන් තිව්වා...."දැන් හරි..."
තාමත් මං ආවා කියන්න නොදැනම
අන්තිමේ වැඩ ඉවර උණු එයා ඉනටත් අත් දෙක තියන් අඩුපාඩු තියෙයිද බලන්න වගේ බලන් ඉද්දී මමත් එයා දිහා බලන් හිටියේ පුදුමෙන්...එදා වගේ කන්න ආසයි කිව්වට කව්ද හිතුවෙ ඉතිං කෙසෙල් කොලේ බත්ම කන්න දෙයි කියලා..."මොනාද හැදුවේ..කෙසෙල් කොළ කොහෙන්ද..."
එය ළඟට කිට්ටු වෙලා පිටිපස්සෙන් එයාව බදාගෙන මං අහං ගියේ එක පෝලිමට වෙද්දි එයා කෙසෙල් කොළ දිහත් මං දිහත් බැලුවේ පුදුමෙන්...
"පිටිපස්සේ තාප්පෙ අයිනෙ කෙසෙල් පඳුරක් තියෙනවා කියන්න දන්නෙත් නැද්ද මහත්තයෝ...."
එයා කියද්දී තමා මට ලාවට වගේ මතක් උණේ තිබුණා තමා...කාටද අප්පා ඕවා මතක...ගේ පිටිපස්සට ගිය කාලයක් මතක නෑ...මෙයා මේ දවස් ටිකට ඒකත් හොයන්..
"හි හි තිබුණා තමා...මොනාද හැදුවේ කියන්නකෝ..ඇයි පාර්සල් පිටින් තැම්බුවේ..."
"හැදුවේ මොනාද අහන්නේ..කැරකි කැරකි හිටියා ඒක දැක්කෙත් නැද්ද..."
"මං ඉතිං බැලුවේ ඔයා දිහානේ අප්පා..."
ඇත්තනෙ ඉතිං නැද්ද...කැරකි කැරකි හිටියාට මොනා හැදුවද කියන්න මං දන්නවා ඇයි...මොන මොනාදො කපනවා කොටනවා දැක්කට එයා කරන වැඩෙ මිසක් හැදුවේ මොනාද කියන්න මං දැක්කෙ නෑනෙ...
"ඒකත් එහෙමද..එහෙනම් කද්දීම බලන්නකො හදපු ඒවා.."
"හාකෝ හාකෝ..එහෙනම්...ඉතිං ඇයි ආයි තැම්බු වේ.."
"තම්බුවේ නෑ අයියෝ.ස්ටීම් කරේ... කෙසෙල් කොලේ බත් රස ඔතලා තිව්වම....ඉතිං ඔතලා තිය තිය කන්න වෙලාවක් නෑ නේ.. ස්ටීම් කරාම ටිකක් ඒ ළඟින් යන්න පුළුවන්..."
YOU ARE READING
💚❤️ 🆁🅴🅼🅾🆁🆂🅴 ❤️💚 𝚈𝚒𝚉𝚑𝚊𝚗 - Complete -
Fanfiction🥀🥀🥀🥀🥀🥀🥀 FF/NonFf හදිසියෙන් යද්දී ඔබ දුරට මාගෙන් දුටුවාද කඳුලු දෑසේ ඒ ආදරයයි මා පැතුවේ ඉක්මනින් එන්න මා කීව වචනේ ඇයි නෑසුනා වාගේ තනිකම විතරක් ඉතිරි කළේ මේ පපුවේ ගිනි දැල්වේ එක මොහොතක් ඉන්නට බෑ ඈතින් පෙර වාගේ ඔය තුරුලේ තව මොහොතක් ඉන්නට බෑ ආයෙත්...