🥀30.වචන කෙරූ ආදරය🥀

793 137 85
                                    

මං දන්නේ නෑ මට මොනා උනාද කියන්න.....මෙහෙම කරන එක හොඳද නරකද කියන්නවත්,එයා කැමැතිද අකමැතිද කියලා හිතන්නවත් මට ඕනා උණේ නෑ...එක අතකින් බැලුවොත් මේ කරන වැඩෙ වැරදි.. මොකද අපි තාම ළමයි...අනිත් අතට එයා මේ දැන් ටිකකට කලින් මොන හේතුවක් නිසා හරි චෝදනා කරේ මං එයාට බලහත්කාරකම් කරනවා කියලා.ඉතිං මං ගත්තෙ ගොඩක් ලොකු අවධානමක්...හදවත පැළෙන තරමට එයා කියපු දේවල් වලින් කන් පිරිලා තියෙද්දි, කතා කරන එකත් මහන්සියක් වගේ දැනෙද්දී මට ඕනා උණේ එයා ගැන මට දැනෙන දේ එයාට පැහැදිලි කරන්න.සමහර විට මං කතා කරත්,එයා දැන් ඉන්න විදිහට මට ඇහුම් කන් නොදේවි.ඉතිං ඕනා දෙයක් වෙද්දෙන් කියලා මට ඕනා උණේ ක්‍රියාවෙන්ම ඒ හැගීම දැනෙන්න දෙන්න...

එ තොල් ස්පර්ශ උනු සැනින් නොදැනිම මගේ ඇස් පියවෙලා යද්දි මං එක තප්පරෙන් ඒ තොල් වල ගැඹුරු විදිහට ගිලිලා ගියා.මීට කලින් පුංචිමවත් අත්දැකිමක් නැති උණත්, මට දැනුණේ හුරුපුරුදු බවක්.එයාගෙ තොල් අතරෙ මට දැනුණේ සුව පහසු බවක්.....
හරියට හැමදාම මගේ වෙලා තිබුණා වගේ.සෑහෙන වෙලාවකට පස්සෙ
එයා ආපස්සට කිස් නොකරද්දි ,එයා ඒ කිස් එක විදින බවක් නොපෙනෙද්දි මං ඇස් ඇරලා බලද්දී එයා හිටියෙ හුස්ම ගන්නත් අමතක වෙලා ඇස් දෙකත් ලොකු කරන් වෙද්දී ,ඇස් ඇරලා බලපු මං ඉක්මනින් ඒ තොල් අත ඇරියා.

"අ.. අ..ආහ්..අමා..."

"ම්ම්...යාළුවෝ මෙහෙම කිස් කරනවාද මැණික...ඔයා අහලා තියේද එහෙම ආ..."

තොල් අයින් කරන් එයාව අත අරිද්දීම එයා මොනවාදෝ කියවන්න ගියත්,මං මාපටගිල්ලෙන් එයාගෙ තොල් සීල් කරලා ඒ ඇස් වලට එබුණා...

"ගොඩක් කියෙව්ව නේ...දැන් අහන්න මං කියන දේ හොදද.."

"හ්ම්..ම්ම්..."

එහෙමම එයාගෙ තොල් ඇගිලි වලින් පොඩි කරන ගමන් කියද්දි තාමත් කලබලෙන් හිටිය එයා හ්ම් කිය කියා ඔළුව උඩටත් පල්ලටත් හෙලෙව්වා.

"ඔයා හිතන්නෙ යාළුවෝ අපි වගේ,අපි තරම් ළඟින් ඉන්නවද අන්දු...අත් පටලන්,තුරුළු වෙලා,කිස් කරන යාළුවෝ ඉන්නවාද....දැක්කත්, සමහර විට මතක් කරපු පමණින් විතරක් හදවතේ වේගෙ වැඩි කරන්න යාලුවෙක්ට පුළුවන්ද මැණික...මට යාළුවෝ හිටියා...උපරිම කිට්ටු වෙලා අස්‍රය කරා...ඒත් ඒ එකෙක් එක්කවත්,මං අත් පටලන් ඉඳලා නෑ,ඔයත් එක්ක වගේ තුරුළු වෙලා ඉඳලා නෑ...ඔයාව කිස් කරා වගේ කිස් කරලා නෑ...ඒ එකෙක් ළඟවත්... මගෙ හදවත මෙහෙම ගැහුනෙ නෑ...කොටින්ම ඔයා වගේ ඒ එකෙක්වත් මට දැනුණේ නෑ මැණික."

 💚❤️ 🆁🅴🅼🅾🆁🆂🅴 ❤️💚 𝚈𝚒𝚉𝚑𝚊𝚗 - Complete -Where stories live. Discover now