29

62 14 8
                                    

දවසක් ගෙවුනත් මගෙ ඇඟේ අමාරු වැඩි වෙලා මිසක් අඩු වෙලා වගේ නම් මට දැනුනෙ නෑ. සෝයුන්ගෙ වචන මාව තවත් ලෙඩ කලා. මට සූබින්ට මූන දෙන්නත් බැහැ වගේ. සූබින්ට එයාගෙ ඔම්මව මතක් වෙනවා ඇති මොනතරම් නපුරු විදියට සෝයුන් එයාට සැලකුවත්.
මන් සූබින් ගැන නොහිතා මගෙ ගැන විතරක් හිතලා වැරදි තීරනයක්ද ගත්තෙ?

"අප්පා... වඩාහ්ගන්නකෝ.... "

සූබින් මන් ගෙයින් එලියට බහින්න හදද්දිම ඇවිල්ලා මගෙ කකුලෙ එල්ලුනා. වෙනදට එයාට දීලා යන කිස් එක අද මට අමතක වුනා කියලා එයාගෙ හිතේ. ඒත් ඇත්තටම මට එයාව මඟ අරින්නයි ඕනෙ වුනේ.

"අප්පාහ්..... "
නහයෙන් අඬන්න ගත්තම මන් එයාව වඩාගෙන නලල ඉඹලා ආයෙ බිමින් තිබ්බා.

"අ.. - අහ්ම්.."
මගෙ කටින් වචන පිටවෙන්නෙත් නැතුව ගියා.

"අප්පා ගිහින් එනම්කො."

ඒ පාර කතාකරගන්නත් බැරි වෙන්න යනවද කොහෙද. කමන්නෑ මන් ඩාන්සින් කෝච් කෙනෙක් මිසක් වෝකල් කෝච් කෙනෙක් නෙවේනෙ කියලා මන් එදත් ඇකඩමි එකට ගියා. හිතලම ටේහියුන්ව බලන්න යන එකත් මඟ ඇරියෙ එයාමාව හොස්පිට්ල් එකේ නවත්තගනී කියලා බයට. සාමාන්‍ය විදියට කතාකරගන්නත් බැරි නිසා මන් කෝල්ස් ආන්සර් කලෙත් නැහැ.

වෝකල් කෝච් කෙනෙක් නොවුනට මටත් කට නැතුව උගන්නන්න බැහැ කියලා මට මෙච්චර කාලෙකට තේරුම් ගියෙ අද. උගුර පාද පාද හැම විදියටම කටහඬ එලියට දාලා ක්ලාස් තුනෙන් දෙකක් ඉවර කලාම මන් ගොලු වෙලාම ගියා. අන්තිමට ඔෆීස් එකේ ඉන්න මිනිස්සුන්ට මන් හවස ක්ලාස් එක කරන්නෑ ගෙදර යනව කියලා  කියන්න වුනේ ෆෝන් එකේ ටයිප් කරල පෙන්නලා. අනුකම්පාව ලබන එක තරම් මන් ආස නැති දෙයක් තවත් නැති වුනත් මට කරන්න දෙයක් තිබ්බෙ නෑ. මට මහා අසරනබවක් දැනුනෙ.

දෙවෙනි වතාවටත් මන් ඩොක්ටර් හම්බෙන්න ගියා.

"ඔයා මට කියන්නෙ ඔයා මේ අසනීප එක්ක ඩාන්ස් කලා කියලද. මන් කිව්වනෙ කලිනුත්. ඔයා මේ විදියට නොසැලකිලිමත් වෙනවා නම් මට ඔයා ගැන වගකියන්න බෑ හෝසොක් ශි.. "

ඩොක්ටර් මට හොඳටම බැනලා බෙහෙත් ගොඩකුත් එක්ක ගෙදර එව්වෙ. ඔම්මටයි අප්පාටයි සූබින්ටයි හොරෙන් ගේ ඇතුලට ඇවිත් හොරෙන්ම කාමරේට ගිහින්දොර ලොක් කරලා ඇඳට වැටුනෙ ගෙදර අය මන් ගැන දුක් වෙනවා බලන්න ඕනෙ නැති නිසා.

HUG ME - Vhope [Completed]Where stories live. Discover now