31

47 13 3
                                        

Author's pov

හෝසොක් ඇඳට වෙලා උඩ බලන් කල්පනා කර කර ඉද්දි නොදැනීම වෙලාව ගතවෙලා ගියා.

හෝසොක්ගෙ ඔම්මා නිකමට කාමරේට යද්දි හෝසොක්ව හම්බුනෙ බාත්‍ රූම් එකේ බිම ඉඳගෙන අඬ අඬා ඉද්දි.

"ඔතන මොනවද කරන්නෙ. නැගිටින්න."

හෝසොක්ව නැගිට්ටවන්න තරම් ඔම්මා ශක්තිමත් කාන්තාවක් නෙවේ වුනත් ඒ වෙලාවෙ කොහොමහරි හෝසොක්ව නැගිට්ටවගන්න පුලුවන් වුනා. ඔම්මා දැනන් හිටියෙ මේ තරම් හැඩිදැඩි මැදි වයසෙ මනුස්සයෙක් මෙහෙම පොඩි ලමයෙක් වගේ අඬන්න හේතුව. ඒත් ඒ ගැන අහන්න ගියෙත් නැහැ.

"ඔහොම අඬන්න ගියොත් ඔයා තවත් අසනීප වැඩි කරගන්නවා ඉතින්. "

"ඔම්මා.......... "

"ම්ම්?"

"මන් කරන වැරැද්ද මොකද්ද කියලවත් මට තේරෙන්නෑ... එයා කොල්ලෙක් නිසාද,.. එයා පොඩි නිසාද, මන් බැඳපු මිනිහෙක් නිසාද, දරුවෙක් ඉන්න නිසාද... ඇයි මන් වැරදි? ඇයි ඔම්මා මන් හැමවෙලේම වැරදි කරන්නෙ"

"ඔයා වැරදි බව දන්නවා නම් ඇයි ඒක කරන්නෙ! අඬලා ප්‍රශ්න විසඳන්න පුළුවන් වයසක නෙවේ ඔයා ඉන්නෙ. මේක ඔයාට මේවා කියන්න ඕනෙ වෙලාව නෙවෙ නිසා මන් කටවහගෙන ඉන්නෙ. දැන් නිදාගන්න ටිකක්."

පැය කීපයකින් හෝසොක්ට නිදාගෙන අවදි වෙන්න වුනේ හොස්පිට්ල් බෙඩ් එකක.

"ඇයි මෙහෙ "

"එයාලා කියනවා ඔයා ලොකු පීඩනේකින් ඉන්නවා ඇති කියලා. ඒක ඇත්තද හෝසොකී.. "

"මොන පීඩනයක් ගැනද කියවන්නෙ ඔම්මා. ගෙදර යමු මට මෙහේ ඉන්න ඕනෙ නැහැ. මට මොලේ අමාරුවක් නැහැ! "

හෝසොක් අතේ ගහලා තුබ්බ කැනියුලා එකත් ගලවලා දාලා ඇඳෙන් බැස්සා.

"හොඳයි ඔයාට ගෙදර යන්න පුලුවන් ඒත් මන් නිර්දේශ කරනව ඔයා අනිවාර්යයෙන් මනෝ වෛද්‍යවරයක් හම්බෙන්න ඕනෙ. මට මතකයි කලින් කීපවතාවක්ම ඔයා ජීවිතෙ නැති කරගන්නත් උත්සහ කරලා මෙහාට ආවා.. එහෙම නේද.."

ඩොක්ටර්ගෙ වචන නිසා හෝසොක් වචන වලින් හිස් වුනා. ඔව් කියලා පිළිගත්තොත් තමන් ඇත්තටම මානසික රෝගියෙක් වෙනවා. නැහැ කියලා බොරු කිව්වත් බොරුව අහුවෙනවා.

HUG ME - Vhope [Completed]Onde histÃŗrias criam vida. Descubra agora