17

56 16 2
                                    

ගෙදර යන ටිකට සූබින් නින්දෙන් මොන මොනවදෝ කියෙව්වා. මට ඒවා තේරුනෙ නෑ. ඒත් ටික වෙලාවකින් අප්පා අප්පා ගාලා එකදිගට කියවද්දි මට වාහනේ පැත්තකට කරලා නවත්තලා සූබින්ව බලන්න වුනා.

"සූබින්.. "

"අප්පා.. "

පොඩ්ඩක් වෙලා එයා අන්දුන්කුන්දුන් වෙලා මන් දිහා බලන් ඉඳලා අහක බලාගත්තා.

"ඔයා මාව බයකලා සූබින්. දැන් හරි නේද... ඔයා බයවෙලාද ඉන්නෙ.. කෝ මෙහෙ බලන්න. වතුර ඕනෙද "

මෙච්චර වෙලා ශටර් එකෙන් එලිය බලන් ඉඳලා එයා වතුර ඉල්ලලා ඔලුව වැනුවා. පොඩි ලමයෙක් එක්ක යනවා එනවා වෙලත් මන් වාහනේ සූබින්ට පාවිච්චි කරන්න පුලුවන් විදියෙ වතුර බෝතලයක් තියාගත්තෙ නැති එක ගැන පසුතැවෙන ගමන් මන් ලොකු වතුර බෝතලේකින් සූබින්ට වතුර පෙව්වා පරිස්සමට.

සූබින් එක්ක ගොඩක් වෙලාව යන ගමනක් යන එක අමාරු වැඩක් කියලා මට තේරුම්ගියා. සමහරවිට සූබින්ටත් ඒක පුරුදු නැතුව ඇති. පුරුදු වෙන්න මන් එයාව ලගපාතකට ඇරෙන්න වෙන කොහෙවත් එක්කම් ගිහිල්ලත් නැහැනෙ.

සූබින් ඇහැරිලා හිටිය නිසා මන් රේඩියො එක ඔන් කලා . මට මතක තිබුනා මේ වෙලාවට පොඩි අයගෙ ප්‍රෝග්‍රෑම් එකක් යනවා කියලා. ඒකෙ එකදිගට පොඩි අයගෙ සින්දු ටිකක් යද්දි  එකම එක සින්දුවක් විතරක් සූබින් වචන ගැටගගහා බොරු වචනත් දදා හය්යෙන් කිව්වා. අනික් ඒව එකක්වත් එයා දන්නෙ නැති එක ගැන මං පුදුම වුනා.

"සූබින් ඔයා ඒක දන්නැද්ද.. "

එයා නැහැ කියන්න ඔලුව වැනුවා. එයා හරි, එයා ඒවා අහලාවත් නැතුව ඇති. කවුද සූබින්ට ඒවා කියලා දෙන්නෙ. සෝයුන්? මම? අපිට ඒවා මඟ ඇරුනා.

අපේ, නෑ මගේ වැරදි නිසා මගේ සූබින්ට එයාගෙ ජීවිතේ ලස්සන දේවල් මඟ ඇරිලා . තව ඉස්සරහට ඒක එහෙම වෙන්න දෙන්නෑ මම. මන් එහෙම හිතාගත්තා වුනාට මට විශ්වාසයක් නෑ මගේ ගැන. මට විශ්වාසයක් නෑ මන් සූබින්ට අද සලකන විදියට හෙට සලකයිද කියලා. මන් දන්නෑ මට ආයෙ පසුතැවෙන්න වෙන සිදුවීමක් වෙන්නෙ කොයිවෙලාවෙද කියලා.

හැමදේම අවසානයෙ මන් දන්නවා මන් නරක අප්පා කෙනෙක්.

අපි ගෙදර යද්දි සෝයුන් දොර ඉස්සරහා හිටන් හිටියා කොහෙද යන්න ලෑස්ති වෙලා.

HUG ME - Vhope [Completed]Where stories live. Discover now