'හරි බන් එල, අපි බලමුකො චාන්ස් එකක් ඇත්තෙම නැද්ද කියලා, අර ඩයල් එක අකමැති උනොත් ගොඩනෙ, බායි මචන්'❤️'ම්ම්ම්.... බායි'....
***************************************💚'මමා... මොනවද ඔයා මේ කියන්නෙ මමා? අනේ පපා මේ බලන්නකො, මගෙන් අහන්නෙවත් නැතුව ඔයාලා ඇයි මෙහෙම තීරණ ගන්නෙ මමා, මම දැන්ම මැරි කරන්න කැමති නෑ...අනික..'
යීබෝගෙ සද්දෙට පපා වගේම කුවාන් පහලට ආවත් එයාලා මුකුත්ම කියන්න ගියෙ නෑ, මොකද මේකට ඇඟිලි ගහන්න එයාලට තහනම් වෙලා තිබ්බෙ... යීබෝට ඉතුරු ටික කියන්න ලැබුනෙ නෑ...
'චූටි පුතා... මන් ඔයාට ඒ කාලෙම කිව්වනේ කවදා හරි ඔයාගෙ බඳින වයස ආවම අපි කියන දේ ඔයා කරන්න ඕන කියලා, මේක මගෙ හීනයක්, මගේ විතරක් නෙමේ මගෙ යාලුවා ලුසීගෙත් හීනයක්, අපි ඔයාලා ඉපදෙන්නත් කලිනුයි මේ තීරණේ ගත්තෙ, ඔයාලා දෙන්නම පුතාලා වෙන්න කියලා අපි හැමදාම ප්රාර්ථනා කලා... අනික ජාන් කියන්නෙ හොඳ ලමයෙක්,හැම අතින්ම සම්පූර්ණ ලමයෙක්, ලස්සනෙන් උගත්කමින් වගේම හැම අතින්ම දක්ෂ දරුවෙක්, ඔයාටම ගැලපෙනවා, ඔයා හෙට එයා ආවම බලන්නකො, ඔයා එයාට කැමති වෙයි චූටි පුතා..අපි ආසයි ඔයාලා දෙන්නා ආදරෙන් ජීවත් වෙනවා බලන්න'...
'මගෙ හොඳ පුතානෙ,අපි ඔයාලට වරදක් කරන්නෙ නෑ පුතා, මට විශ්වාසයි මේ තීරණේ හරි කියලා,ඔයාලට හැමදාම සතුටින් ඉන්න පුලුවන් වෙයි, මමා කවදාවත් මේ වෙනකන් ඔයාගෙන් කිසි දෙයක් ඉල්ලලා නෑ නේද පුතා, මේක මගෙ පලවෙනි ඉල්ලීම සහ අවසාන එක චූටි පුතා.. ප්ලීස්..' ඒ ටික නම් අඬන්න ඔන්න මෙන්න කියද්දි ලීනාගෙ වචන එක්ක යීබෝට තව කියන්න දෙයක් කටට එන්නෙ නැති වෙද්දි යීබෝ පපා දිහා බැලුවා... ඒත් පපා කලේ නැගිටලා ඔෆිස් රූම් එකට ගිය එක...කුවාන් යීබෝ දිහා අසරණ විදියට බලන් ඉද්දි ලොකු හුස්මක් පිට කරලා යීබෝ පපාගෙ ඔෆිස් රූම් එකට ගියා...
💚'පපා... මන් එන්නද?'...
'එන්න පුතා'....
💚'අපි ටිකක් කතා කරමුද'... ෆයිල් එකක් බල බල යීබෝගෙ ඇස් මග අරින වන්ග් දිහා යීබෝ එක දිගටම බලන් ඉද්දි තවත් වන්ග්ට එහෙම ඉන්න බැරි උනා..