Chapter 11

1.5K 245 54
                                    

               
හරි සනීපෙට නිදාගෙන ඉන්න ජාන් දිහා බලාගෙන යීබෝ හිතුවේ හිමීට ජාන්ගෙ නළලට වැටුනු කෙස් ඇඟිල්ලකින් අයින් කරන ගමන්... නිදියන් ඉද්දි නම් අහිංසක පාටයි කියලා හිතෙද්දි...

*************************************

දවස් තුනක් හෙමින් ගෙවිලා ගියා... ජාන් වගේම යීබොත් කම්පැනි එකට වැඩිපුර අවදානෙ දුන්නෙ එතකොට වැඩිය ගෙදර එකට ඉන්නත් ඕන නැති නිසා...

මේ අතරේ ජාන් සී එක්ක කතා කරලා තිබ්බා... සීයී කොහොමත් ජාන්ට ගොඩක් කැමති නිසා ජාන් කියන දේකට කැමතියි කිව්වා.. පස්සෙ තව දවස් පහකින් විතර මීට් වෙන්න තැනක් සෙට් කරන්න කියලා ජාන් යීබෝට කිව්වෙ ඕවට මහන්සි වෙන්න කැමති නැති නිසා... අනික කොච්චර උනත් මේ කරන්න හදන දෙයින් ජාන්ගෙ හිතට හොඳක් දැනුනෙ නෑ...

යීබෝ ජෙනීට ඒ වැඩේ පැවරුවෙ එයාටත් ලොකුවට ඕවා තේරෙන්නෙ නැති නිසා...

හයට විතර ජාන් ගෙදර ඇවිත් ඉද්දි යීබොත් හයයි තිහ පහු වෙද්දි ගෙදර ආවා...

💚' ජාන් ආවද මමා'...

'අනේ අනේ දැන් ගෙට එද්දිම හස්බන්ඩ්ව නේද අහන් එන්නෙ... මමාට කොහොමද,පපා ආවද,අයියා ආවද ඒවා අහන්නෑ, ඇහැකුත් ගහලා ලීනා කිව්වෙ යීබෝ හිනා වෙලා මමාව බදාගනිද්දි...

'අන්න උඩ රූම් එකේ ඇති...'

ලීනා කියද්දි යීබෝ පඩිපෙලත් නැගගෙන උඩට ගියා...

යීබෝ දොර ඇරන් ඇතුලට ගියත් ජාන් පේන්න හිටියෙ නෑ, බාත්රූම් එකේ වතුර සද්දෙ ඇහෙන නිසා ජාන් නානවා ඇති කියලා හිතලා යීබෝ සපත්තු දෙකත් ගලවලා තියලා ටයි එකත් බුරුල් කරලා ගිහින් සෝෆා එකෙන් හාන්සි උනා... විනාඩි කීපයකින් බාත්රූම් එකේ දොර ඇරෙද්දි යීබෝ ඒ පැත්ත බැලුවා...

ජාන් ඉනට ටවල් එක විතරක් පටලන් එලියට එද්දි යීබෝව නැගිට්ටුනා... යීබෝව දැකපු ජාන් ගැස්සිලා ගියා...

❤️'යීබෝ ඔයා මේ...ආවද මම... මම හිතුවා තව පරක්කු වෙයි කියලා... ඒකයි ඇදුම් අරන් ගියෙ නැත්තෙ'...

වෙනදට ඇදුම් අරන් යන ජාන් ලැජ්ජාව වහගන්න ගමන් කියන්න ට්‍රයි කරද්දි යීබෝ බලන් හිටියෙ ඉනට සුදු ටවල් එක පටලන් ඉන්න, තාමත් වතුර බිංදු ඇඟ පුරා තියන, උසට හරියන ලස්සන ඇඟක් තියන ජාන් දිහා... කලින් පූල් එකේදි ජාන්ව දැක්කත් අද මේ ඉන්න විදියට යීබෝගෙ හිත හෙල්ලුනා.. ජාන් ඇත්තටම ලස්සනයි කියලා යීබෝට හිතුනා...

Sudden Marriage ✅Where stories live. Discover now