Chapter 7

1.6K 267 56
                                    

❤️' හ්ම්ම්ම්...ඒ ප්‍රශ්නෙත් ඉවරයි එහෙනම්, රෙඩි වෙන්න මාත් රෙඩි වෙලා එන්නම්, පහලින් බ්‍රෙක්ෆස්ට් අරන්ම යමු... නමයටම ගියොත් පහ වත් වෙද්දි යන්න පුලුවන්'...

***************************************

දෙන්නම රෙඩි වෙලා හොටෙල් එකෙන්ම උදේටත් කාලා Luoyang යන්න පිටත් උනා... මමාලා ට්‍රිප් එක එහෙට ප්ලෑන් කරලා තිබ්බෙ යීබෝ ඉපදිලා අවුරුදු හතරක් වෙනකන් හිටියෙ එහෙ නිසා සහ ඒ පලාත හරිම ලස්සන නිදහස් පලාතක් නිසා...

යීබෝට දැන් උණ අඩු උනත් යන්නෙ දුර ගමනක් නිසා යන ගමන් ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් බෙහෙත් අලුත් කරන්ම පිටත් උනා... උදේට කාලත් හිටිය නිසා උදේට බෙහෙත් බිව්ව යීබෝ පැසෙන්ජර් සීට් එකේ වාඩි උනේ ජාන් වාහනේ ඩ්‍රයිව් කරන්නම් කිව්ව නිසා, පැය අටක විතර ගමනක් නිසා යීබෝ මගක් ගිහින් වාහනේ ගන්නම් කිව්වා..

බෙහෙත් වලටයි, රෑ හරියට නින්දක් තිබ්බෙ නැති හින්දයි යීබෝට හොඳටම නින්ද ගියා, ජාන් හිමීට සිංදුවක් අහගෙන එක දිගටම පැය හතරක්ම  ඩ්‍රයිව් කලා,වෙලාව එක පහු වෙලා නිසා පොඩි බඩගින්නක් වගේම වොෂ් රූම් යෑමේ අවශ්‍යතාවයක් තියන නිසා ලන්ච් ගන්නත් එක්කම ජාන් වාහනේ රෙස්ටුරන්ට් එකකින් නතර කලා..

❤️'යීබෝ.... නැගිටින්න ඉතින් දැන්වත්, පැය හතරක් නිදාගත්තා මදිද ම්ම්ම්...' හෙමීට කකුලට තට්ටු කරන ගමන් ජාන් යීබෝව ඇහැරුවා...

💚'පැය හතරක්?... ඇස් දෙකක් ලොකු කරන් වෙලාවත් බලන ගමන් ඇහුවා...'

💚'කතා කරන්න එපැයි ජාන්.. දිගටම ඩ්‍රයිව් කරලනෙ, අමාරුත් ඇති ඔයාට'....

❤️'අවුලක් නෑ ශේප්, ඊයෙත් නින්දක් නෑනෙ ඉතින්, ඒකයි කතා කලේ නැත්තෙ, ටිකක් විතර බඩගිනියි... කාලා වොෂ් රූම් ගිහින්ම යමු නේ...'

💚'හා යමු'... ජාන් නම් මහ පුදුම මනුස්සයෙක් කියලා හිතන ගමන් යීබොත් බැහැලා ගියා...

කාලා දෙන්නම ආයෙත් යන්න පිටත් උනේ යීබෝ ඉල්ලුවත් ජාන් ආයෙම කාර් එක ගන්න ගමන්, උණ නැති උනත් යීබෝගෙ මූණ තාම තෙහෙට්ටු පාටයි.. අමාරු උනොත් කියන්නම් කියලා කිව්ව නිසා යීබොත් එකඟ උනා,ඇත්තටම එයාටත් ඇඟට කිසි ෆිට් එකක් තිබ්බෙත් නෑ...

Sudden Marriage ✅Where stories live. Discover now