Chapter 21

1.5K 231 83
                                    


💚'යමු නේ...මම ඔයාව ඩ්‍රොප් කරන්නද ජාන්?'

❤️'එපා බබා මම කාර් එකේ යනවා මට වැඩ වගේකට එළියට යන්න තියනවා...'

💚'ම්ම්ම්....

මේවා ඇහෙද්දි කුවාන් නම් හිනා උනේ බලන්නකෝ මුන්ගෙ ලව වගේ බැල්මක් ලුලූට දාලා...

*************************************

හවස ජාන් යීබෝ දෙන්නා සති දෙකකට ජාන්ගෙ ගෙදර ගියෙ ලුසීට සතුටට පිස්සු හැදිලා තියෙද්දි...

'අනේ මගෙ කොල්ලො දෙන්නා... දැන් නම් මේ ගෙදර ආයෙත් පාලු නැති වෙයි...'

ලුසී දෙන්නවම බදාගෙන ආදරෙන් කියද්දි ශියාඔත් ඇවිත් දෙන්නව පිළිගත්තා...

'පුතාලා උඩට ගිහින් වොෂ් දාගෙන ඩිනර් වලට එන්නකො..'

'ඔව් ඔව්...ඔන්න පුතා ඔයාලා නිදහසේ ඉන්න හරිද, ලීනා මට කලින්ම කිව්වා උඩට නම් යන්න එපා කියලා...මම එයි කියලා බය වෙන්න එපා, අපි උඩ පැත්ත පලාතට එන්නෑ... නේද ඒයි... ඕන දෙයක් තිබ්බොත් පහලට කෝල් කරලා කියන්න හොදේ'

ලීනා කියවන් යද්දි දෙන්නට ලැජ්ජත් හිතුනා...

❤️'හරි මමා...'

💚'වාව්... ලස්සන රූම් එකක්නෙ...'

ජාන්ගෙ පපා අලුත් ගෙදර හැදුවෙ ජාන්ගෙ ප්ලෑන් එකකට, ඒක මොඩර්න් ලස්සන ගෙයක්....

ජාන් යීබෝගෙ පිටුපසින් බදාගෙන උරහිසෙන් ඔලුව තියාගත්තා...

💚'ඇයි ම්ම්ම්...'

❤️'යන්නකො...වොෂ් දාල එන්නකෝ බබා...'

ජාන්ගෙ කටහඩ වගේම බැල්ම නිසා ජාන්ට උවමනා දේ තේරෙද්දි යීබෝ නොතේරුනා වගේ හිටියා..

💚'ඇයි ඒ ඉතින්,මුකුත් හදිස්සියක්ද...ම්ම්...'

ජාන් පිළිතුරක් වෙනුවට යීබෝගෙ කම්මුලකට ආදරණීය හාදුවක් දුන්නා...

💚'දැන් තනි තනියම යන්න ඕන නෑනෙ..එකටම යමු ඉතින්,
වෙලාවත් ඉතුරුනෙ...'

❤️'ම්ම්ම්.....'

💚'කෝ ඉතින්... දිගටම ඔහොම කරේ එල්ලිලා ඉන්නද යන්නෙ...ම්ම්ම්...'

ජාන් හිනා වෙලා කම්මුලට තවත් හාදුවක් තියලා අතින් අල්ලන් බාත්රූම් එකට ගියා...ජාන්ගෙ කාමරේ ජාන් එක්ක නිදහසේ ඉන්න ලැබුණ එක ගැන යීබෝ ගොඩක් සතුටින් හිටියෙ,දැන් තමයි එයා ජීවත් වෙනවා දැනෙන්නෙ වගේ හැඟීමක් යීබෝට තිබ්බෙ...

Sudden Marriage ✅Where stories live. Discover now