Chapter 15

1.6K 258 61
                                    


උඹ මෝඩයෙක් ජාන්... ඉස්සර හිටපු ජාන් නෙමෙයි දැන් මේ ඉන්නෙ,උඹ වෙනස් වෙනවා ජාන්,උඹ බලාගෙන ඉද්දි වෙනස් වෙනවා...මීට වඩා වගකීමෙන් වැඩ කරපන්, පරණ ජාන්ව ආයෙ එළියට ගනින්...උඹට සී ඉන්නවා... යීබෝට ජෙනී ඉන්නවා... ඉක්මණටම ඩිවෝස් එකකට පලයන්... නැත්නම් ලඟදිම උඹට වෙන්නෙ සේරම අත ඇරලා වහ ටිකක් කාලා මැරිලා යන්න...

**************************************

විනාඩි පහකින් විතර ජාන් රූම් එකට එනකන් යීබෝ හිටියෙ වොෂ් රූම් එකේ දොර දිහා බලාගෙන....

💚💭මට සමාවෙන්න ජාන්... මම හිතලා කිව්වෙ නෑ, ඔයා ඔහොම හැසිරෙනකොට මට බය හිතෙනවා...ඔයා වෙනස් ජාන්... අපි ඩිවෝස් එකකට කවදා හරි යන්න ඕන තමයි ඒත් අද ඔයා කිව්වා වගේ ඉක්මණටම ඔයාට මගෙන් අයින් වෙලා යන්න ඕනද ජාන්? මම කියන්නෙ අපි ඉක්මන් වැඩි නැද්ද? මාව ඔයාට කරදරයක්ද? ඔයාව මගේ යාලුවෙක් කරගන්න මට ඕන උනාට ඔයා එහෙම නැද්ද? ඔයා එක්ක කතා කර කර කාලෙ ගෙවන්න මම ඔයා ගෙදර එනකන් බලන් හිටියට ඔයාට එහෙම නැද්ද? ඔයාට බැරිද මගෙ හොඳම යාලුවා වෙන්න...? ඒත් දැනටම මට ඔයා මගෙ හොඳම යාලුවා වෙලා ජාන්...

ඒ එක්කම ජාන් එළියට ඇවිත් යීබෝගෙ ඇඳ ගාවට ඇවිත් පුටුවෙන් වාඩි උනා...

❤️'දැන් කොහොමද?...'

කලින් තිබ්බ දුක බය කේන්තිය වගේ කිසිම හැඟීමක් නැතුව ජාන් කතා කලා...

💚'ජාන්....'

❤️'මම ඩොක්ට හම්බ වෙලා එන්නද...?'

💚'ජාන්....' යීබෝ ජාන්ගෙ අතින් අල්ල ගත්තා...

❤️'...........'

💚'තරහින්ද....ම්ම්...'

❤️'නෑ යීබෝ, මොකටද මම තරහා වෙන්නෙ, මම ටිකක් කලබල උනා... ඇත්තටම හැරිලා බැලුවම මම හැසිරුණ විදියයි වැරදි... මට සමාවෙන්න,ජෙනීටත් මම සොරි කිව්වා කියන්න, මම එයාට බැන්න එක වැරදියි...'

💚'ඔයා කලකිරීමෙන්ද...නැත්තම් දුකින්ද..'

❤️'අවංකවම දුකයි... මට ඔයා ගැන, මම ගැන, අපි..අපි හැමෝම ගැන දුකයි යීබෝ...'

💚'ඔයා වෙනස් කියලා ඔයාට තේරෙන්නෙ නැද්ද?'..

❤️'තේරෙනවා.. හොඳටම තේරෙනවා...ඒත් ඒක එහෙම වෙන්න ඕන නෑ, මම කලින් වගේ ඉන්න උත්සහ කරන්නම්...'

Sudden Marriage ✅Where stories live. Discover now