❤️'කොහෙන් පටන් ගන්නද කියලා තේරෙන්නෙ නෑ... දිග කතාවක් නම් නෙමේ ඒත්... ලොකු කතාවක්... මන් ගැන වැරදියට හිතන්න එපා.. ඇයි දැන් මේවා කියන්නෙ කියලා, ඒත් අලුත් ජීවිතයක් පටන් ගන්න යද්දි මේක හංගන් ඉන්න එක මගේ හිතට හරි නෑ...***********************************
යීබෝ හිතුවේ ජාන් කියන්න හදන්නෙ එයා කොල්ලන්ට කැමති නෑ කියලා වෙන්න ඇති කියලා...
ඒ වගේම ජාන් හිතුවෙ යීබෝ කියන්න හදන්නෙ එයා කොල්ලන්ට කැමති නෑ කියලා වෙන්න ඇති කියලා... ඒත් එයාගෙ කතාව ඊට වෙනස් නිසා යීබෝ ජාන්ව මොන විදිහට දකියිද කියලා ජාන් බය උනා...
❤️'මට... ගර්ල් කෙනෙක් හිටියා...' තවත් වෙලා හිත හිත හිටියොත් කියාගන්න බැරි වෙයි කියලා හිතලා ජාන් කියලා දැම්මා...
යීබෝට බිබී හිටිය කොෆී එක ඉස්මොල්ලේ යද්දි ජාන් ඉක්මනට නැගිටලා යීබෝගෙ පිට අතගෑවා..
❤️'යීබෝ... අනේ සොරි... ඔයාව කලබල කරන්න හිතුවෙ නෑ, ප්ලීස් මාව තේරුම් ගන්න, මම දැනන් හිටියෙ නෑ මේ මැරේජ් එක ගැන, මමා පපා මට නිකන් හරි කියලා තිබ්බා නම් මම එහෙම සම්බන්දයක් පටන් ගන්නෙ නෑ, මේක කිසි කෙනෙක් දන්නෙත් නෑ, බින් විතරයි දන්නෙ, අනේ ප්ලීස් මේක මමාලා අතරට අරන් යන්න එපා යීබෝ, මම වෙඩින් එකට කලින්ම ඒක නැවැත්තුවා,මට...මට ඕන උනේ මේක කියලා හිතින් නිදහස් වෙන්න, මට ටික කාලයක් හිත හදාගන්න ඉල්ල ගන්න... මට.. මට සමාවෙන්න, මම...'.
ජාන් යීබෝ මොන විදියට හැසිරෙයිද කියලා හිතලා ගොඩක් කලබල උනා...
💚'ජාන්... රිලැක්ස් ජාන් කාම් ඩවුන්...කලබල වෙන්න එපා'
නැගිටලා ජාන්ගෙ අත් දෙකෙන්ම අල්ලන් යීබෝ ජාන්ව සන්සුන් කරා...
❤️'ඔයා.. ඔයා හොඳින්ද...'
ඇස් වල කඳුලු පුරවන් ජාන් අහද්දි යීබෝට අවංකවම දුක හිතුනා...
💚'ම්... ඔව් මම හොඳින්,කෝ ඉදගන්නකෝ...'
ජාන්ව ආයෙත් ඉන්දවලා පුටුව තව ලඟට අරන් යීබෝ වාඩි වෙලා ජාන්ගෙ අතින් අල්ල ගත්තා...
💚💭කොල්ලා බය වෙලා වගේ... මට ඉස්මොල්ලේ ගියෙ මම හීනෙන්වත් හිතපු නැති දෙයක් කිව්ව නිසා මිසක් වෙන දෙයක් නිසා නෙමේ, අනික මොනාද මේ කොල්ලා කියන්නෙ, මගෙන් ඇයි කාලෙ ඉල්ලන්නෙ, බලෙන් නැති හැඟීම් ඇති කරන් තමන්ගෙ සතුට නැති කරගන්නද ජාන් හැදුවෙ, හ්ම්ම් ඒ කියන්නෙ අපේ කතාවත් ටිකක් එක වගේ...