ජාන් රූම් එකට එද්දි දැක්කෙ බොටම් එකට සුදු ටී ෂර්ට් එකක් ඇඳලා ඇදේ හාන්සි වෙලා ඇස් පියන් ඉන්න යීබෝව, ජාන්ට නම් දිගට දිගේ බොටම් ඇඳන් නින්ද යන්නෑ, ඉතින් එයා දනිස්සට විතර සැහැල්ලු කොට කලිසමක් ඇඳලා සැහැල්ලු සුදු ටී ෂර්ට් එකක් ඇදන් හිටියෙ, ජානුත් සෝෆා එක පැත්තට ගිහින් කෑම කාලා ලයිට්ස් ඕෆ් කරලා පොඩි ලයිට් එලියක් තියලා ඇදේ අනික් පැත්තෙ මල් ටික බිමට දාලා ඇදෙන් වාඩි උනා....***************************************
ඇඳ බර වෙනවා දැනෙද්දි නම් යීබෝගෙ පපුව එකසිය ගානට ගැහෙන්න ගත්තා, ජාන් බර හුස්මක් පිට කරලා ඇඳෙන් හාන්සි උනා... යීබෝ හිටියෙ ජාන්ට පිටුපාලා පැත්තට හැරිලා, ජාන් නම් උඩ අතට හැරිලා සිවිලිම දිහා බලන් හිටියා... කාමරේ හරිම නිශ්ශබ්දයි, යීබෝ හුස්ම ගන්න සද්දෙ පවා ජාන්ට ඇහෙනවා, ඒ වගේම ජාන් හුස්ම ගන්න සද්දෙ යීබෝට ඇහෙනවා... යීබෝ නිදි නෑ කියලා ජාන් දන්න නිසා ජාන් කතා කලා...
❤️'නින්ද යන්නැද්ද'...
💚'නෑ...'
❤️'මහන්සියිනෙ, නිදාගන්න...' ජාන් යීබෝට පිටුපාලා අනිත් පැත්තට හැරෙන ගමන් කිව්වා..
💚'ම්ම්....'
විනාඩි පහක් දහයක් පැය බාගයක් පැයක් විදිහට පැය හතරක්ම ගෙවිලා ගියා... දෙන්නම නිදි නෑ... ඒත් යීබෝ හීනියට කෙඳිරි ගානවා ජාන්ට ඇහෙනවා... ආයෙම අසනීප වෙලාවත්ද කියලා හිතපු ජාන් සයිඩ් ටේබල් එකේ ලෑම්ප් එක ඔන් කලා...
❤️'යීබෝ...'
ඉන්න විදියට ඉදලා යීබෝට කතා කලත් සද්දයක් නැති නිසා ජාන් ඒ පැත්තට හැරිලා ටිකක් ලං වෙලා ඇදට වැලමිට තියලා ඉනෙන් ඉස්සිලා යීබෝට කලා කලා..
❤️'යීබෝ ඇයි සනීප නැද්ද'...
ඒ පාර නම් යීබෝ ලාවට ඇස් ඇරලා චුට්ටක් හැරිලා ජාන් දිහා බැලුවා...
💚'සීතලයි'...
ජාන් යීබෝගෙ නළලට අත තියලා බලද්දි තේරුනා ආයෙම ඇග රස්නෙයි කියලා...
❤️'ආයෙත් උණනෙ, බෙහෙත් බිව්වෙ නැද්ද?...'
💚'අමතක උනා'... ආයෙත් කොට්ටෙන් ඔලුව තියන් යීබෝ කිව්වෙ ඔලුව උස්සන් ඉන්න අමාරු නිසා..