ජාන් ආයෙම අවුලෙන් කියලා තේරෙන්න ඒ වචන ටිකම ඇති උනත් යීබෝ ඒක දැනන් හිටියෙ නෑ...ජාන්ට දුක හිතුන දවසට ජාන් කරන්නෙම යීබෝට යට වෙලා දුක නැති වෙනකන් පුලුවන් තරම් වේදනාව ඉවසන එක... ඒත් ජාන් කවදාවත් යීබොට දොස් කියලා නෑ වගේම යීබෝ ඒක දැනන් හිටියෙත් නෑ...ඒ නිසාම ජාන් කිව්ව දේවල් විශ්වාස කරපු යීබෝ එදා දවසෙම ජාන් එක්කම හිටියෙ ආදරේ වැඩි කමටම වගේම ජාන්ගෙ ඉල්ලීමට දවසම ජාන්ව තලලා අන්තිමට පාන්දර වෙද්දි ජාන්ට උණ අරන් තියෙද්දි...*********************************
❤️'මට ඉන්න පුලුවන් පන...මමා ඉන්නවනෙ...ඔයා යන්න'
ජාන්ව දාලා ඔෆිස් යන්න හිත හදාගන්න බැරි කමට යීබෝ ජාන්ව තුරුල් කරගෙනම හිටියෙ ජාන්ට මෙහෙම උනේ එයා නිසා කියලා එයාටම දොස් කියාගන්න ගමන්...
💚'මට සමාවෙයන් මැණික...ඒත් උඹත් වැරදියි වස්තුව උඹ කවදාවත් මාව නවත්තන්නෙ නෑ...ඇයි එච්චරටම ඉවසන්නෙ බබා...'
❤️'ආදරේටනෙ...'
💚'එහෙම එපා වස්තුව...අන්තිමට මටයි රිදෙන්නෙ...'
ජාන්ට වදෙන් පොරෙන් කවලා බෙහෙත් ටිකක් දීලා යීබෝ ඔෆිස් ගියේ නොයා බැරිකමට...
යීබෝ එද්දි ජාන් සෝෆා එකේ හොඳටම නිදි...ඇස් වලින් බේරුණු කදුලු වැල් වේලිලා තිබ්බත් පාර ඉතුරු කරලා තිබ්බ නිසාම ජාන් අඬලා කියලා යීබෝට තේරුනා..
ජාන්ව ඇහැරවන්නෙ නැතුවම වොෂ් දාලා ඇදුමක් දාගෙන ආපු යීබෝ ජාන් ගාවින්ම දිගා වෙලා ජාන්ව තුරුලට ගත්තා..