ටිකක් වෙලා ජෙනී එක්කත් කතා කරලා ෆෝන් එක තියපු යීබෝ ගේම් එකක් ප්ලේ කලේ කම්මැලි නිසා... නිදිමත අහලකවත් නැති නිසා... ජාන් නැතුව කාමරේම පාලුයි කියලා යීබෝට හිතුනා...**************************************
අද කවදාවත් නැතුව යීබෝට නින්ද යන්නෙ නෑ, වෙලාව බලද්දි 10.40 වෙලා තිබ්බා, ජාන් කීයට හරි එයි කියලා යීබෝ බලන් හිටියත් අඩුම මැසේජ් එකක්වත් නැති නිසා බැරිම තැන නැගිටලා යීබෝ ජාන්ට කෝල් එකක් ගත්තා..
💚'ජාන්...'
❤️'කියන්න යීබෝ, නිදි නැද්ද තාම'...
💚'නෑ තාම, කොහෙද ඉන්නෙ..?'
❤️'පබ් එකේ...'
💚'එකොලහටත් කිට්ටුයි...'
❤️'ආ ඔව්නේ...' ජාන් වෙලාව බැලුවෙ යීබෝ කිව්වට පස්සෙ...
💚'බිනාට කොහොමද, දැන්ම ගෙදර යන පාටක් නැද්ද?'
❤️'දැන් නම් කොල්ලා ඩවුන්, තව ටිකකින් ෆ්ලැට් වෙයි'..
💚'එතකොට ඔයාට?.... ඩ්‍රයිව් කරන්න පුලුවන්ද?
❤️'ඔව් ඔව් මට අවුලක් නෑ...'
💚'ම්ම් හරි,පරිස්සමින් යන්න... '
❤️'ම්ම්... බායි'
❤️💭මේ මොකද? පුදුමයි කෝල් කලා... අද නම් හොඳට නින්ද යයි, මම නැති නිසා බයත් නැතුව ඇතිනෙ... 😅
💚💭හ්ම්ම්... කොච්චර උනත් ජාන් නැතුව පාලුයි වගේ, හිටියා නම් මොනවා හරි කියවනවා, එක්කො කුප්ප වැඩක් කරනවා, ඉස්සර ගෙදර ඇවිල්ලා කාමරේ අස්සට වෙලා තනියම පාලුවෙන් ගෙව්ව ජීවිතේට හුරු වෙලා හිටියට දැන් ජාන් එක්ක ගෙවන සැහැල්ලු ජීවිතේට මම හුරු වෙලාද කොහෙද...පොඩ්ඩක් දඟ උනාට එයා හරි හොඳයි... කලින් ලොකුවට කතා නොකරන කෙනෙක් උනාට දැන් නම් ටිකක් කතා බහ කරනවා,ජාන් මට ඇත්තටම හොඳ යාලුවෙක් වෙයි වගේ...නෑ දැනටම එහෙමද කොහෙද... නැත්නම් මෙහෙම පාලු හිතෙන්නෙ නෑනෙ, ආයිෂ්.... නිදිමත නෑනෙ අප්පා... වයින් ටිකක් වත් බොමුද යීබෝ...
ජාන් නැති නිසා පාලුයි වගේම නිදිමතත් නැති නිසා යීබෝ වයින් ටිකක් ග්ලාස් එකට දාගෙන ෆෝන් එකත් අරන් බැල්කනි එකට ගිහින් වාඩි උනා...
KAMU SEDANG MEMBACA
Sudden Marriage ✅
Fiksi Penggemarආදරේ හැමෝටම ලේසි නෑ... ජීවිතේ හැමදාම සුන්දර නෑ...