අන්තිමට මමාලා බලන් ඉදපු ඒ දවස උදා උනා... අද අපේ වෙඩින් එක... ජාන් හිතන ගමන් ලෑස්ති උනා, අපේ කැමැත්තට අපි කැමති අපි ආදරේ කරන කෙනෙක් බැන්දා නම් කොච්චර සතුටු හිතෙන්න තිබ්බ දවසක්ද, යීබෝටත් එහෙම හිතෙනවා ඇති... ඒත් අද... හරිම හිස් හැඟීමක් තමයි තියෙන්නෙ, එයාටත් එහෙම ඇති...************************************
නමය වෙද්දි අපි හැමෝම හොටෙල් එකට ආවෙ 9.30ට අපේ රෙජිස්ට්‍රේෂන් එක නිසා... යීබෝ පේන්න නෑ... මමා ඇවිත් මාවත් බිනා එක්ක ඩ්‍රෙසින් රූම් එකට යැව්වා.. දැනටම ඉන්වයිට් කරපු අය ගොඩක් ඇවිල්ලා...
❤️'බිනා... යීබෝ ඇවිත් නැද්ද බන්' ..
ඊයෙ දැකපු හීනේත් යීබෝ වෙඩින් එකට ආවෙ නැති නිසා යීබෝ එන්නැති වෙයි කියලා ජාන්ට හිතුනා..
'කුවාන් අයියලා හිටියනෙ, යීබෝ ඇවිත් ඇති, වෙන රූම් එකකද දන්නෑ... වෙලාවටනෙ එලියට එන්න කිව්වෙ උඹටත්, ඌටත් එහෙම වෙන්න ඇති...'
❤️'ම්ම්...'
'ඇයි උඹට ඌව දකින්න හදිස්සිද'... බිනා ඇහැක් ගහලා කියද්දි ජාන් බින්ව මරන් කන සයිස් එකට බැලුවා..
❤️'උඹට පිස්සුද හු#තෝ... උඹ දන්නෑ වගේනෙ කතා කරන්නෙ, එකක් මේ මගුල වෙනකන් මට ෂුවර් නෑ එක පැත්තකින්, මේක වෙනවට බයයි තව පැත්තකින්.. ඒත් නොකෙරුනොත් වෙන දේවල් ගැන ඊටත් වඩා බයයි'... ජාන් හොඳටම කලබල වෙලා කියලා බිනාට තේරුනා..
'මචන් විහිලුවක්නෙ කලේ, සොරි බන්, කෝ වරෙන්කො ලඟට'... බිනා ගිහින් ජාන්ව බදාගෙන හිමීට පිට අතගෑවා..
'හිටපන් මන් රවුමක් දාල බලලා එන්නම් යීබෝව, තව විනාඩි පහලවයිනෙ, කලබල නැතුව හිටින්කො'... හිත හැදෙන්නත් එක්ක බලලම එනවා කියලා හිතන් බින් එලියට ගියා...
එහෙන් මෙහෙන් ගිහින් කොහොම හරි කුවාන් ගාවට ගිය බින් යීබෝ ගැන ඇහුවා... දැනගත්ත දෙයින් ටිකක් කලබල උනත් යීබෝ දැන් ඇවිත් කියලා කුවාන් කිව්ව නිසා බින් ආයෙ ජාන්ගෙ රූම් එකට ගියා...
❤️'මොකද තත්වෙ බින්'... ජාන් තාමත් කලබලෙන්..
'උඹ ඔහොම කලබල වෙලා බෑ බන්, බලපන් උඹ නිකන් වතුරෙන් ගොඩ දාපු මාලුවෙක් වගේනේ... හරි අහපන්කො, වාඩිවෙයන් මුලින්ම...'