Chapter 30

1.6K 218 92
                                    


❤️'මගෙ හිතට හරි නෑ බන්...කොතන හරි වැරද්දක් තියනවා කියලමයි හිතෙන්නෙ..මේ සිද්දියට කලිනුත් ජෙනී යීබෝට හොරෙන් මට මැසේජ් දදා වද දුන්නා...ඒ දවසට මම යීබෝට බොරු දාහක් කියලා බීලා ගෙදර යනවා...ඒත් මේ වගේ පහත් වැඩක් ඒකි කරයි කියලා මම හිතුවෙම නෑ, මේකි එදා අපිට සුබ පතලා අයින් වෙලා ගියෙත් බොරුවට කියලා මට හිතෙනවා... උඹලට බැරිද අර මගෙ ඇක්සිඩන්ට් එක ගැන ආයෙ හොයන්න... අපි ඒක අල්ලලා දැම්මා කියලනෙ උන් හිතන් ඇත්තෙ...කාටවත් අඟවන්නෙ නැතුව ඒක ටිකක් බලපන්කො...'

***********************************

දවස් දෙකක් ගෙවිලා ගියා...යීබෝ වගේම ජාන් වැඩ එක්ක කාර්යබහුල වෙන්න උපරිම වෙහෙසක් ගත්තා...දෙන්නා හදිසියෙ මුණගැහෙන අවස්තා තිබ්බත් යීබෝට කතා කරන්න ඕන උනත් ජාන් මග ඇරලා ගියා...ජාන් ඉන්න තැන යීබෝ කොච්චර හෙව්වත් බින්ගෙන් ඇහුවත් දැනගන්න බැරි තැන දවසක් හොරෙන්ම ෆලෝ කරලා තැන හොයාගත්තා..ඒත් ජාන් එපා කිව්ව නිසාම ඒ ගෙදරට යීබෝ ගියෙ නෑ...හැමදාම පුරුද්දක් විදියට ගෙදර යනකන් ෆලෝ කරලා ටිකක් අයිනෙන් නවත්තන් ඉදලා යීබෝ ක්ලබ් ගිහින් රෑට ගෙදර යන්න පුරුදු උනා...

ජෙනීගෙ පපා ඇවිත් වන්ග්ලා එක්ක කතා කරලා රටේ ලෝකෙ මිනිස්සු දැනගන්න කලින් ඉක්මනට ඩිවොස් වෙලා ජෙනීව බඳින්න කියලා යීබෝට කියන්න කියලා අසරණ කරලා ගියා...ඒත් ඒකට කලක් යන නිසා ජෙනී මේ ඉන්න විදිහට හිටියදෙන් කියලා ජෙනීව තියලා ගියා...

ජාන් හිතුවා වගේම ජාන්ගෙ ඇක්සිඩන්ට් එක පිටිපස්සෙ ජෙනීලා හිටියා, වාහනේ අරන් ගිය මනුස්සයා ජෙනීගෙ පපාගෙ පරණ ඩ්‍රයිවර් නෙනෙක් කියලා බින් හොයාගෙන තිබ්බා...ඒ නිසා ජෙනී ගැන ඇතුවුන කේන්තිය ජාන්ට තව තවත් වැඩි වෙද්දි මේක යීබෝට නොකියන්න බින්ව පොරොන්දු කරගත්තා...

*****************************

'හෙලෝ මල්ලි...අක්කව මතක් වෙලා තියෙන්නෙ...ඉතින් ඔයාට කොහොමද මැණික...'

❤️'මම හොඳින් අක්කා...මට අක්කව මීට් වෙන්න ඕනෙ.. හවසට එළියට යමුද..අපි දෙන්නා විතරක්...'

'හරි පැටියෝ...මම එන්නම්...මේ...මේ... අහන්නකෝ...අක්කට කොරියන් කෑම කන්න ආසයිනෙ....'

Sudden Marriage ✅Where stories live. Discover now