'මොකද ළමයිනෙ වෙලා තියෙන්නෙ'... ලීනගෙ කටහඬ ඇහෙද්දි නම් කොහෙද නැති පණක් කකුල් දෙකට ඇවිත් ජාන් ඉද්ද ගැහුවා වගේ හිටගත්තා.. ඒකට නම් යීබොත් ගැස්සුනා.. ජාන් ඇස් වලින් යමු කියද්දි යීබොත් ලොකු හුස්මක් පිට කරලා නැගිටලා ඉස්සර උනා...*****************************************
යීබෝ හෙමින් ඉස්සර වෙලා සයිඩ් ගාඩ්න් එකට යද්දි ජානුත් ඒ පස්සෙ වැටුනා...ලස්සන ගාඩ්න් එකක්... පැත්තක තියන ඔන්චිල්ලාව වගේම ඒ ලඟම තියන ගල් වලින්ම හදපු ටේබල් එකයි බෙන්ච් එකයි, වටේ තියන මල් ගස් එහෙම දැකපු ජාන්ට එහෙම හිතුනා..
යීබෝ කෙලින්ම ගිහින් බෙන්ච් එකකින් වාඩි උනාම ජාන් නම් ආසාවටත් එක්ක ගිහින් ඔන්චිල්ලාවෙන් වාඩි උනා...
💚💭දැන් කතා කරන්න ඕනෙ වෙලා නේද ආවේ, මෙතනින් වාඩි වෙන්නැතුව එතනට ගිහින් හරියනවද? ඔන්චිල්ලාවෙ ඉදන් කකුල් බිම තියන්ම හිමීට පැද්දෙන ජාන් දිහා බලන් යීබෝ හිතුවා...
යීබෝ බලන් ඉන්නවා ජාන් දැක්කත් යීබෝ කතා කරනකන් ජාන් සද්ද නැතුව ඉන්න හිතුවා, මොකද සී ගැන කියලා කට ඉස්සර කරගන්න ජාන් බය උනා, යීබොත් මේකට කැමති නම් එයා ප්රශ්නයක් ඇති කරයි කියලා නිකමට හිතුනා...ඒ අතරේ ජාන්ට මැසේජ් එකක් ආවා...
'Tho othanata giye onchili padinnada? 😒Kattiya athule hitiyata awadane thiyenne eliye hode, cctv deka balan inne methana idan'...💬
'Hari ban thanks 😘'...
❤️💭ඇත්ත නේන්නම්... ලිවින් රූම් එකේ ඉන්න අයට සයිඩ් එකේ තියන ස්ලයිඩින් ජනේලෙන් එලිය හොඳට පේනවා... මමාලා දෙන්නා මන් බලද්දි මේ පැත්ත බලන් ඉදලා මාව දැකලා ඒ පාර නැගිටලා ගියා... හරියන්නෑ මටම ඉස්සර වෙන්න වෙයි...
❤️'කොහොමද යීබෝ'... වෙන අහන්න දෙයක් එකපාරට මතක් උනෙ නැති ජාන් එහෙම කතාව පටන් ගත්තා...
💚'හොඳයි ජාන්, ඔයාට කොහොමද' කතා කලාම කතා නොකර බෑනෙ...
❤️'වරදක් නෑ ශේප් එකේ ඉන්නවා'...
💚'ම්... ලඟදි බර්ත්ඩේ එක තිබ්බා නේද... Belated wishes ජාන්...' හෑන්ඩ් ශේක් නොකරම එතන ඉදන්ම යීබෝ කිව්වා
❤️'තෑන්ක්ස් යීබෝ'...
දැන් මොනාද කියන්නෙ...ජාන්ට නම් දාඩිය දාගෙන එනවා..