පිළිතුරක් වෙනුවට යීබෝට හාදුවක්ම ලැබෙද්දි බාගෙට ගැලවුනු ඇදුම් හදාගෙන ඊට පස්සෙ දෙන්නා ඉක්මනටම ඒ ලඟ රෙස්ටුරන්ට් එකකට ගියෙ යනකොටත් බිනා වගේම ශූ ඇවිත් ඉද්දි...*******************************
'වරෙන් වරෙන් අතීජාත මිත්‍ර ද්‍රෝහියො දෙන්නා...'
'මොකද්ද ශූයා උනේ...'
'නෑ බිනා ඉස්සෙල්ලා උඹ මුන් දෙන්නා දිහා බලපන්කො.. උඹට වෙනසක් පේන්නෙ නැද්ද...'
'මොකක් ගැනද උඹ කියන්නෙ...'
'බලපන් මේ ප#යගෙ බෙල්ල දිහා...'
'අම්මටහුඩු බල්ලෝ තෝ මූව කොනක ඉදන් කාලනෙ බන්'
ජාන්ගෙ පිටටත් පාරක් ගහලා හිනා වෙවී බිනා කියද්දි ශූ හිටියෙ මොන මගුලක්ද මේ වගේ ලුක් එකක් දීගෙන...
❤️'ආහ් මේ..ඒක මේ දන්නැද්ද බන්, මට මෙතන ඇදුම ගලවන්න බෑ බිනා නැත්තම් උඹට පෙනෙයි මූ මාව කාලා තියන හැටි... මාව නිකන් බතික් කරලා වගේ,ගෙදර ඉද්දි වත් කොට කලිසමක් ගහලා ආම්කට් එකක් ගහලා ඉන්න බැරි සයිස් එකක් තියෙන්නෙ බන්...'
💚'අනේ ඉතින් මගෙ කට,උඹ මේ බෙල්ල විතරක් දැකලා මූට චරිත සහතික දෙන්න එපා බන් උඹ මාව ඇදුම් නැතුව දැක්කොත් කොටියෙක්ට අහු වෙලා බේරුන තිත් මුවෙක් කියලා හිතයි බන්...'
'මොන හුයන්නක්ද බල්ලො තොපි කියවන්නෙ,එතකොට බිනා, තෝ...තෝ මේක දන්නවද???? එතකොට මම විතරද මෙලෝ හු#ත්තක් දන්නෙ නැති එකම එකා...'
එදා හොස්පිට්ල් සීන් එකෙන් පස්සෙ ජාන් යීබෝට ලව් වගේ කියලා බිනා කිව්වට පස්සෙ ට්‍රිප් එක දවස් වල ජාන් යීබෝට කැමතියි ආදරෙයි කියලා ශූට හොඳටම තේරිලා තිබ්බත් ඒක යීබෝටත් කියලා දෙන්නම කැමති වෙලා සම්බන්දයක් පටන් ගත්තා කියලා ශූ දැනන් හිටියෙ නෑ...ජාන් හිතින් දුක් විඳිනවා කියලා විතරයි හිතන් හිටියේ...
'වැඩි දවසක් නෑ බන් මුන් නොකියම හදිස්සියෙ හනිමූන් ගිහින් ආවට පස්සෙ තමයි මටත් ජානා කිව්වෙ...'
'හරි ජානා උඹට එහෙම හරි කිව්වා කියමුකො, ඒ කියන්නෙ ඉතින් උඹලගෙ යාලුකම නිසානේ එහෙම හරි කිව්වෙ, එතකොට යීබෝ මම උඹෙ කව්ද බන්...අර එදා ජාන් ඇහුවා වගේ මම උඹේ යාලුවෙක්වත් නෙමේද බන්...? '