Chapter 26

1.3K 214 96
                                    


ජාන්ව ටිකක් බදාගෙන ඉදලා උරහිසේම නින්ද ගිහින් ඉද්දි ඇදෙන් හාන්සි කරවලා බින් ලැප් එක ඔන් කරන් වැඩ කරන්න ගත්තා..හෙට දවසේ ජාන් කොහොම හැසිරෙයිද කියන්න බින් හිටියෙ කියාගන්න බැරි තරම් දුකකින් වගේම බයකින්....

********************************

දවල් බින් එයාපෝට් ගිහින් ශුවයි යීබෝවයි එක්කගෙන වන්ග් නිවසට ආවා..ලීනා දවල් කෑමත් ලෑස්ති කරලා තිබ්බ නිසා බින්ටයි ශූටයි දෙන්නටම කාලා යන්න ඉන්න කිව්වෙ ජාන් දවල් වෙලා එනවා කියලා ලුසී කිව්ව නිසා....

💚'ජාන් එන්න වෙලා යයිද බිනා...'

දවල් කෑමත් අරගෙන ඉවර වෙලා තියෙද්දි ගෙදර ඇවිල්ලත් දැන් පැය දෙකක් විතර ගිහිල්ලත් ජාන් නැති නිසා යීබෝ හිටියෙ කලබලෙන් වගේම බයෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දවල් කෑමත් අරගෙන ඉවර වෙලා තියෙද්දි ගෙදර ඇවිල්ලත් දැන් පැය දෙකක් විතර ගිහිල්ලත් ජාන් නැති නිසා යීබෝ හිටියෙ කලබලෙන් වගේම බයෙන්...

'යීබෝ පුතා ආවද... කෝ අපේ පුතාගෙ කාර් එක එලියෙ නෑනෙ...'

ඕස්ට්‍රේලියා ගමනේ අතුරු ප්‍රතිපලයක් විදියට ලුලූ ආයෙත් අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා උදේ කොල් කරලා කිව්ව නිසා ලුසී ශියාඕ එක්ක ආවෙ ලුලූට කන්න බොන්න ආස දේවල් දැන්ම තියාම අරගෙන වගේම අද යීබෝත් ආව නිසා ජාන් මෙහෙ එන නිසා...

'ජානා ආවද ආන්ටි...තාම මෙහෙට ආවේ නෑනෙ...'

බින් ඇහුවෙ පුදුමෙන් වගේම වෙන්න යන දේවල් ගැන හිතේ පුංචි බයක් තිබ්බ නිසා...

'දැන් ගෙදරින් ඇවිල්ලත් පැය තුනක් විතරනෙ පුතා,මෙහෙට එන්න පැය බාගයක් වත් යන්නෙ නෑනෙ... අපිත් එක්ක යන්න කිව්වම බෑ එයා කලින් යනවා කියලා ආවෙ.. යීබෝ පුතාව දකින්න තියන හදිස්සියට වෙන්න ඇති කියලා හිතලා අපිත් ඉතින් හා කිව්වා...'

යීබෝ එවෙලෙම ජාන්ට කෝල් එකක් ගත්තත් ජාන් ෆෝන් එක ඕෆ් කරලා තිබ්බා...

Sudden Marriage ✅Where stories live. Discover now