Chapter 4

1.7K 281 46
                                    

❤️💭මොකද්ද යීබෝ ඒ කිව්වෙ... ඔයා.. ඔයා කැමතිද? මේ මට කැමතිද? ඒත් කලින් ඔයා මොනව හරි කියන්න ගියානෙ, ඒ කැමතියි කියලද? නෑ වෙන්න බෑ මට එහෙම දැනුනෙ නෑ, ජාන්ට පුදුමයක් දුකක් වගේම තමන් ගැනම තරහක් කලකිරීමක් දැනුනා...මට කලින්ම යීබොට කියන්න තිබ්බෙ, ඒ කියන්නෙ මමද දැන් මෙතන මේකට අකමැති වෙන්න ඕනෙ..?

******************************************

'ජාන් පුතා එතකොට ඔයා'.... වන්ග් ජාන්ගෙ දිහාට හැරෙද්දි හැමෝම ජාන් දිහා බැලුවා...

❤️💭මම මොනවද කියන්න ඕනෙ... දෙයියනේ අන්තිමට මාවම හිර උනානෙ... ලුලූ අනේ ඔයාටවත් මාව බේරගන්න බැරිද අක්කා... ජාන්ව තේරුන ලුලූ උරහිස ඇකිලුවෙ යීබෝ හා කිව්වට පස්සෙ තවත් කරන්න පුලුවන් දෙයක් නැති නිසා...

මමාලා දිහා බලපු ජාන් දැක්කෙ ඇස් වල කඳුලු පුරවන් බලන් ඉන්න ලුසීව... ලීනා මමාත් නොසන්සුන් කියලා ජාන්ට තේරුනා, යීබෝ ඔහේ බලන් ඉන්නවා කිසිම හැඟීමක් නැතුව... මම බෑ කියලා හේතුව විදියට සීයී ගැන කිව්වොත් එයාට ප්‍රශ්නයක් වෙයිද, එයා මෙතනදි කිසි වැරද්දක් කලේ නෑ... මමයි වැරද්ද කලේ, මමා කියන දේ අහන්නැතුව ආදරේ කරපු මමයි වැරද්ද කලේ... ශිට් උඹ නම් මහ මෝඩයෙක් ජාන්... තමන්ටම හිතින් බැනගන්න ගමන් හිතින් අඬන ජාන් අන්තිමට තීරණයක් ගත්තා...

හ්ම්ම්ම්ම්... මට සමාවෙන්න සී...💔 මගේ මමා මෙච්චර කාලෙකට මගෙන් ඉල්ලුව එකම දේ මේක විතරයි... මට සමාවෙන්න...😞

❤️' යීබෝ කැමති නම් මටත් ප්‍රශ්නයක් නෑ'...

යීබෝ ඇස් දෙක පියාගෙන බර හුස්මක් පිටකලා වගේම, පපාලා දෙන්නත් සැනසුම් සුසුමක් හෙලුවා, මේකට එක්කෙනෙක් හරි අකමැති උනා නම් වෙන්න යන දේට මූණ දෙන්න එයාලා ලෑස්ති පිට හිටියෙ, ඒත් අන්තිමට ප්‍රශ්නෙ විසඳුනා, මේ අතරෙ මමාලා දෙන්නා නම් අඬ අඬ හිනා වෙවී දෙන්නට දෙන්නා බදාගෙන සතුට සමරනවා, කුවාන් ලුලූ බින් තුන්දෙනාම යීබෝ සහ ජාන් දිහා අසරණ බැල්මකින් බලන් හිටියා... හේතුව නොදන්නවා උනත් කුවාන් ලුලූ දෙන්නම දැනන් හිටියෙ මේකට දෙන්නම වැඩි කැමැත්තක් නැති බව, බින් ජාන් ගැන දුක් වෙද්දි යීබෝ අන්තිම තප්පරේ වෙනකන් හිතුවෙ ජාන් අකමැති වෙන්න කියලා...

Sudden Marriage ✅Donde viven las historias. Descúbrelo ahora