Chapter 28

1.4K 207 76
                                    


අන්තිමට සේරටම සමු දීලා ජෙනීටත් කියලා ජාන් එලියට බැහැලා එන්න ආවෙ මග දිගටම නවත්ත නවත්ත අඬන ගමන්...එයා නවතින්න ගත්තු අපාර්ට්මන්ට් එකට වාහනේ දාලා ජාන් බර හුස්මක් පිට කලා...

***********************************

ජාන් ලිෆ්ට් එකේ උඩට ගියේ එයාගෙ අපාර්ට්මන්ට් එක තියෙන්නෙ දහවෙනි තට්ටුවෙ නිසා...ඒ තට්ටුවටම තියෙන්නෙ ඒ අපාර්ට්මන්ට් එකයි රූෆ් ටොප් ඒරියා එකයි, ඉතින් නිදහසේ ඉන්න ලස්සන තැනක් නිසාම ඒක තමයි ජාන් යීබෝටයි එයාටයි ඉන්න අන්තිමට බලපු තැන....

ජාන් ගිහින් බෙල් එක ගැහුවම දොර ඇරියෙ බින්..ජාන් බින්ට ගෙදරදි කට්ටියගෙන් එහාට ගිහින් කිව්වෙ ඕනර් මීට් වෙලා සල්ලි ගෙවලා පිළිවෙලක් කරලා යතුර අරගන්න කියලා...

'ජාන්.....'

❤️'සේරම ඉවරයි බන්...සේරම ඉවරයි...මගෙ මැණිකව දාලා මම ආවා බින්...මම මගෙ පණ දාලා ආවා....අනේ මාව මැරෙන්න වගේ බිනා....මගෙ මැණික නැතුව මම කොහොමද බන් ජීවත් වෙන්නෙ.....'

ජාන් ඇතුලට ගිය ගමන්ම බින්ව බදාගෙන අඬන්න ගත්තෙ මෙච්චර වෙලා හිතේ හිරකරගෙන හිටිය දුක කෑගහලා පිට කරන ගමන්...

'අනේ බන් ජානා...හරි බන් හරි..මට තේරෙනවා බන් උඹේ දුක, ඒත් ඔහොම වෙන්න එපා බන් මට බලන් ඉන්න බෑ මගෙ රත්තරනේ...'

❤️'මේ ගෙදරට මම එන්න හිටියෙ මගෙ යීබෝ එක්ක බන්, මගෙ මැණික එක්ක නිදහසේ ලස්සනට ජීවත් වෙන්න මම හීන මැවුවා බන්...අනේ ඇයි බිනා ඌ හිතලා මතලා වැඩ නොකලේ, ඌ මම එද්දි පිස්සෙක් වගේ ඇඬුවා බන්, ඌට මම දුන්න වේදනාවට නැගිටින්න බැරි කමට ඇඳට වෙලා ලතෝනි තිබ්බා...මගෙ මැණිකට මන් නැතුව ඉන්න බෑ බන්, මට මගේ පණ නැතුව නින්ද යන්නෑ බන්..අදින් පස්සෙ අපි කොහොමද ඉන්නෙ බිනා...අනේ මාව මරලා දාපන් බිනා..'

'ජාන්.....උඹට දුකයි තමයි බන්, උඹ විඳින වේදනාව මට තේරෙනවා ඒත් උඹ පිස්සෙක් වගේ මැරෙන කතා කියන්න එපා යකෝ...තෝ මැරුනම ඌ ජීවත් වෙයිද ජානෝ..අනේ මගෙ හොඳ එකා වගේ ටිකක් රිලැක්ස් වෙයන් වස්තුවෙ..
අපි හෙට ඩොක්ටර් ගාවට යමු ජානා මට බයයි උඹ ගැන, උඹ ආයෙම බෙහෙත් ගන්න ඕනෙ බන්...'

Sudden Marriage ✅Where stories live. Discover now