උඩරට මැණිකෙ හරි මනාපයිලු පොද වැස්සට ඒ හින්දමලු හැම දවසකම නැතත් විටින් විට හරි පොද වැස්සකින් මුලු නගරයම තෙත් කරන්නෙ.චුරු චුරු පොද වැස්ස ඇගට දැනී නොදැනී වැටෙන පිනි බිංදුවට කවුරුන්ද ඉතින් ලොබ නොකර ඉන්නෙ.ඒත් ඔය අතරින් පතර මේ පොද වැස්ස නිදහසේ විදින්නවත් සිහියන් නොලැබෙන අවාසනාවන්ත චරිත නැතුවම නොවේ.රෙස්ටුරන්ට් එක ඉස්සරහ නතර කරපු ඩිෆෙන්ඩර් එක කාගෙ කවුරුන්ගෙද කියල අදුරගන්න සේමියට අමුතුවෙන් හැදුනුම්පත් ඕනිනැතිකොට දොරත් ඇරගෙන එලියට බැස්ස නක්කලේට හිනාවක් දා ගත්ත මූන වගේම හීනි කලු ඇස් වල තියෙන අමුතුම සතුටත් පොද වැස්සෙ වුනත් සේමියට අදුරගන්න වැඩි වෙලාවක් ගියේ නෑ.තමන් දිහාට ඇවිදගෙන එන මනුස්සයා දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු සේමිය ඇස් අග තිබ්බ කදුලු බිංදුවක් පිහදලා දැම්මෙ තමන් දුර්වලයි කියලා දැක්ක තැන ඇදලා දාන මිනිස්සු ඉන්න රටක මේ කදුලු බිංදුම ඇති සේමියට ජීවිතේම එපා කරන්න.
"ආ..පොඩිඑකා...රෙස්ටුරන්ට් එකේ වැඩ කරන්න ඇවිල්ලා වගේ නේ?"
"මොකෝ වුනේ .."
"මූනත් ඉදිමිලානෙ .."
"ආහ් ජොබ් එක නැතිවුනාද ..?"
"ඕහ් ගෝඩ් සෝ සෑඩ් නිව්ස්..දැන් ඉතින් පාර අතුගාන්න තමයි වෙන්නෙ."තමන් ඉස්සර මහ හයියෙන් හිනාවෙන තුන් දෙනා දිහා ටික වෙලාවක් රතු වුන ඇස් එක්ක බලන් හිටපු සේමිය අඩියට දෙකට ඉස්සරහට ගිහින් තේව්ගෙ කොලර් එකෙන් අල්ලගත්තෙ වැටෙන වැස්සෙ චුරු චුරුවට නොදෙවෙනි වෙන්න සද්දෙන් කතාකරන ගමන්.
"උබ..උබද එතකොට ඒ බලු වැඩේ කරේ?"
"ඔව් ඇයි මන් තමා කරේ උබ මොනව කරන්නද?"
"දෙකයි පනහෙ වැඩ කරන්න එපා යුගාර්ය්‍ය.
උබ මට මොනවා කරත් කමක්නැහැ .
ඒත් අර අසරණ මගෙ අම්මටයි නංගිටයි කන්න බොන්න තිබ්බ සතේ නැති කරලා දාලා උබ මොනවද බලාපොරොත්තු වෙන්නෙ ...
මට රිද්දන්නද?"
"බලපන් යුගාර්ය මේ සේමිය අඩනවා බලපන් හොදට උබට දැන් සතුටුයිනෙ නේද..?
දැන් හිනාවෙයන් හොදට.."හිතන්නවත් වෙලාවක් නොතියා කියවගෙන කියවගෙන ගිය සේමිය තේව්ගෙ කොලර් එක අතෑරලා අඩි කීපයක් ඇවිදන් ගියත් කන හරහා වැදුන පාරක් නිසා සේමිය පාර මැදම ඇදන් වැටුනෙ වටේ පිටේ ඉන්න මිනිස්සුන්ට එතන හොද ඕපාදූපයක් විකාශනය වෙද්දී .
YOU ARE READING
අවසන් සටන🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ
Non-Fictionදන්නවද ආර්ය්ය..❟ පෙති තලලා මල කැඩුව පමණටම බඹරෙක්ට මලක් අයිති වුන්නැහැ..! සේමි- උබ කියන මගුලක් මට තේරෙන්නෑ ඕයි හැබැයි මෙච්චරයි බඹරෙක් නෙවෙයි මොකෙක් වුනත් පෙති තලලා නෙවෙයි පෙති කපලා හරි මගේ නම් ආයෙ අයිතියක් කියන්න උබටවත් අවස්ථාවක් නැහැ. යුගාර්ය්‍ය- ...