"චූටි...කෝ මේ ළමයි.."
"චූටීඊ..""කෑ ගහන්නැතුව මෙහෙ එනවා සුදූ."
"කෑ ගහන්නැතුව ඔහේ වගේ බකන් නිලන් ඉන්නද කියන්නෙ.."
"චූටි මොන රෙ.."
"අහ් මේ ඉන්නෙ ."
"මේ මොකද මේ.."කඩාගෙන බිදගෙන ආපු ශිවාඛ්‍ය හතරවටේම තේව්වයි සේමියවයි හොයලා අවසානෙට රූම් එකට ඔලුව දාද්දි තමයි කෑ ගහ ගහ දගලන සේමියවයි සේමියට යන්න නොදී අල්ලගෙන ඉන්න තේව්වයි දැක්කෙ.
සේමිය දිහා නලලත් රැලි කරගන්න ගමන් බලපු ශිවාඛ්‍ය සේමියව තමන් ළගට ගන්න හැදුවත් සේමිය අතක්වත් අල්ලන්න දුන්නැහැ.
"එපා..යන්න ..ය..යන්නකො..රිදෙනවා."
"මොකක්ද වුනේ චූටි ඇයි මේ?"
"දන්නැහැ එකපාරට මේ විදිහට හැසිරෙන්න ගත්තෙ හේතුවක් දන්නෑ මාත් මගෙ කොල්ලා පව් ලොකූ මට මෙහෙම මුකුත් නොකර ඌ දිහා බලන් ඉන්න බෑ."
අවුරුදු ගානකින් ඇහුව නම නිසා ශිවාඛ්‍ය ඇස් ලොකු කරන් තේව් දිහා බැලුවෙ ඇස් වලට උනපු කදුලු නවත්තගන්න යටිතොල හපාගෙන ට්‍රයි කරන ගමන්.ඒත් එක්කම උරහිස උඩින් තිබ්බ අත නිසා ශිවාඛ්‍ය හැරිලා බැලුවෙ තේජාන් දිහා.
හැමදේම හරියයි කියන්න උරහිසට තට්ටුවක් දාපු තේජාන් අත ගත්තෙ තේව්ට කතාකරන්න කියලා ඇස් වලින් කියන ගමන්.මොකද ශිවාඛ්‍යට කතාකරන්නවත් මතකයක් නෑ අවුරුදු පහලවකින් ලොකූ කියන නම ඇහුවම දැනුන සතුටට.
තේව් දිහා බලද්දි තමයි ශිවාඛ්‍ය දැක්කෙ පොඩි එකාගෙ මදිවට ලොකු එකාගෙ ඇස් වලත් ලාවට කදුලු තියෙනවා ශිවාඛ්‍ය හිතහොදකමට තේව්ගෙ ඔලුව අතගාන්න ගියත් ඒ ක්ෂණිකවම කිව්ව දේ ප්‍රොසෙස් වුන තේව් උගුරත් පාදලා එහාට වුනේ පහළට වැටෙන්න හදපු කදුලුත් හංගගෙන.
"පැහැදිලිව කියන්න මට මොකක්ද වුනේ චූටි?"
"පැටියො මෙහෙ බලන්න මන් ශිවා අයියා ඔයාගෙ ."ශිවාඛ්‍ය සේමියගෙ මිටමොලවන් හිටපු අත් දිගෑරලා දරදඩුවෙලා ඉන්න සේමියව රිලැක්ස් කරන ගමන් පපුව අතගාන අතරෙ තේව් සේමිය දිහාත් බලල හැරිලා බැලුවෙ මිරර් එක දිහා.
YOU ARE READING
අවසන් සටන🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ
Non-Fictionදන්නවද ආර්ය්ය..❟ පෙති තලලා මල කැඩුව පමණටම බඹරෙක්ට මලක් අයිති වුන්නැහැ..! සේමි- උබ කියන මගුලක් මට තේරෙන්නෑ ඕයි හැබැයි මෙච්චරයි බඹරෙක් නෙවෙයි මොකෙක් වුනත් පෙති තලලා නෙවෙයි පෙති කපලා හරි මගේ නම් ආයෙ අයිතියක් කියන්න උබටවත් අවස්ථාවක් නැහැ. යුගාර්ය්ය- ...