~ විසිඅටවෙනි පරිච්ඡේදය ~

1.1K 126 200
                                    


නුඹේ ලෙංගතුකමට
හිතින් මා පෙම් කළ තරම්
නොකිව්වට මම
කියයි නුඹහට
වැව රවුමෙ රොබරෝසියන්

ගිහින් අහපං
අහසින් සෙංකඩ
ප්‍රේමයේ පරිමාව දැන්
හෙලන වැහිකැට
ගණිනු හැකිනම්
ආදරෙයි එපමණකි මං

(Tharidu damsara x Kalpana kavindhi )

වැව රවුම ගාව හීන් පොද වැස්සත් එක්ක මූසල නිශ්ශබ්දකමකින් පිරිලා තියෙද්දි  මහ රෑ දොළහයි ගානකට ක්ලබ් එකේ ඉදන් ආපු තේව් බයික් එක නතර කරලා බංකුවක් උඩින් ඉදගෙන ඒ මූසලකම විදින්න ගත්තා.කොහෙන්ද මන්දා ලාවට ඇහෙන සින්දුවක් තේව්ගෙ සියුම් නහරවල් වලට පවා කාවද්දලා හීනි කදුලු පටලයක් ඇස් වල රදවන්නත් ඒ එක්කම සමත් වුනා.

ඇත්තටම තේව්ත් සේමියට ආදරේ නොකරෙ නෑ ඒක ආදරේද කියන්න තේව් දන්නෑ.
කවියෙ පදවැල් තමන්ටම කියනවා වගේ තේව්ට දැනෙද්දි සේමිය හම්බුන පළවෙනි දවසෙ ඉදන් කරපු කියපු දේවල් ඔක්කොම තේව්ට ආයෙ ආයෙ චිත්‍රපටියක් වගේ මැවිලා පේන්න ගත්තා.

සේමිය අහිංසකයි. මුරණ්ඩුයි.කාටවත් දෙවැනි වෙන්න කැමති නෑ.ඒත් එක්කම සේමියයි යුමීරායි එකට තිබ්බොත් සේමියට තමයි වැඩි ලකුණු හම්බෙන්නෙ කොල්ලෙක් වුනත්.මොකද ඒ රූපෙ පුදුම පිංපාටයි.
නිවුන පාටයි.උගත් පාටයි.තේව්ට සේමිය මේ දැන් ගිහින් උස්සන්න එන්න පුලුවන් නම් ඒකත් කරන මානසිකත්වෙක කොල්ලා හිටියෙ.

වෙනදා සේමිය පිළිවෙලට අස් කරලා තියෙන අපාර්ට්මන්ට් එකේ මේන් ඩෝ එකෙන් ඇතුලට ගිය ගමන් දකින්න පුලුවන් බියර් කෑන් වයින් බෝතල් හිස් ඩන්හිල් බොක්ස්
තැනින් තැන කුඩු වුන වීදුරුයි විතරයි .
තේව් හිටියෙ සෑහෙන්න පසුතැවෙන ගමන්.
කියපු ගමන් දේවල් ලැබුන පරිසරේක හැදුන වැඩුන තේව්ට මේ නොලැබීම දරාගන්න අමාරුයි.හොදින් හරි නරකින් හරි ආයෙ සේමිය තමන් ගාවට ගන්නවා කියන අදහස විතරයි තේව්ගෙ ඔලුවෙ කැරකෙන්නෙ.
කොල්ලට මේ ගෙවුනු දවස් දෙක තුනට සේමියව නොදැක සේමියගෙ සුවද නැතුව
ඒ හිනාව නැතුව අපාර්ට්මන්ට් එක ඇතුලෙ දැනුනෙ මූසලකමක්.

අවසන් සටන🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now