~ හතරවැනි පරිච්ඡේදය ~

1.5K 183 24
                                    


ඇස් වලින් ගලන් යන කදුලු ගැනවත් ගානක් නොවුන සේමිය බොදවුනු ඇස් වලින් බලන් හිටියෙ ස්ක්‍රීන් එකේ තිබ්බ අකුරු දිහා.
ඒ එක්කම වගේ කොහෙද මන්ද රවුම් ගහන්න ගියපු සිහිනත් ටිපිටිප් එකකුත් උස්සගෙන කිසිම ගානක් නැතුව ආවෙ සේමිය හොල්මනක් දැක්කා වගේ තාමත් ස්ක්‍රීන් එක දිහාම බලාගෙන දොර ඉස්සරහ හිටගෙන ඉද්දී .

"යකෝව්..බයකරන්න එපා."
'ඕයි..මොකෝ.."
"ඒහ් උබ අර හොල්මන් අක්කවවත් දැක්කද?"
"ෆෝන් එක දිහා බලන් ඉන්නෙ උබට මැසේජ් දැම්මද?"
"නැත්නම් අර බේසිකයා මොනාහරි කිව්වද?
කතාකරපියකො හුට්ටො."

"මන්..මන්..රිපීට්."

"මොකක්?"
"රිපීට් උබ?හහ් මචන් මේ ජෝක් නොකර හිටපන් බැජ් එකේ ටොප් ටෙන් ඉන්න උබ රිපීට් පුහ්..."

"සීරියස් කියන්නෙ බලහන්."

පිස්සෙක් වගේ හිනාවෙන සිහිනගෙ ලබු ගෙඩි ඇස් දෙකට පේන්න සූම් කරලම රිසාල්ට් එක පෙන්නුව සේමිය මුකුත් නොකියම ගිහින් මේසෙන් ඉදගත්තෙ පුපුරන්න ගිනිගහන ඔලුවත් අත් දෙකෙන් අල්ලගෙන.

"ඇහ්..බන්..මේ..මේ ..මේකට පිස්සුද ?"
"අඩෝ බන් කොහොමද එහෙම වුනේ?"
"යකෝ මටත් හොද රිසාල්ට් එකක් තියේ මේ පාර."
"අපි වගේ නෙවෙයිනෙ තෝ ."
"කුප්පිය දාන්නෙත් උබනෙ බැජ් එකේ."
"ඕයි මේ මොන පුකක්ද ?"
"අඩෝ සේමි..මචන්.."

"වැඩක් නෑ බන් මන් කොහොමද අම්මගෙයි අප්පච්චිගෙයි මූන බලන්නෙ .
උබ දන්නවනෙ අප්පච්චිගෙ සොච්චම් පඩිය අපි තුන්දෙනාට කොහෙත්ම මදි කියලා.
චූටිගෙ ක්ලාස් වලටම යනවා දහදාහ පන්නලා.අනික ඒකි කෙල්ලෙක් අමතර වියදම් ඊටත් වඩා.ඔය ඔක්කොම ඉවර වෙලා ගෙදරට ඕනි බඩු මුට්ටු ටික ගත්තම ගෙදර මිනිස්සුන්ගෙ ඕනි එපාකම් වලටවත් හදිස්සියකට කියලවත් සතයක්වත් ඉතුරු වෙන්නැහැ ."

"චූටිගෙ ක්ලාස් වල සල්ලි යැව්වද උබ?"

"හ්ම්ම් ඔව් බන් .ඔක්කොම ටික යැව්වා."

"මාත් ඉන්නවනෙ බන් උබට ඕනි උදව්වක් කියහන් මට මන් මට පුළුවන් උපරිමෙන් උබට උදවු කරනවා."

"උබ මේ කරලා තියෙන උදවු වැඩිත් එක්ක බන්."

"පැහෙන්නැතුව හිටහන්කො උබ.
හෙට අර ඩයස් කාරයා හම්බෙලා මේ මගුල විසදගමු ඇයි මගුල ටොප් ටෙන් එකෙක් එකපාර රිපීට් වුනාම ඒක විශ්වාස කරන්න පුළුවන් ද?"

අවසන් සටන🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now