"ඇයි අනේ බබා ඔයා දැන් වැඩිය ක්ලබ් එන්නැත්තෙ..?""හ්ම්ම්.."
"මොකක්ද අනේ හ්ම්ම් ගාන්නෙ .."
"තේව්.."
"ඔයා අහන්ද ඉන්නෙ මන් කියන එක."
"තේව්..""මොකද ඕයි හූ තියන්නෙ කියන මගුලක් ඉක්මනට කියලා පලයන් මන් සැරයකුත් කිව්වනෙ උබට."
යුමීරා එක්ක සේමිය කතාකරලා කිචන් එකට ගියපු වෙලාවෙ ඉදන් තේව් ඉන්නෙ මේ දැන් අබ පොකුරක් මූනට විසිකරත් පුපුරන සයිස් එකේ තරහකින්.තරහක් කියන්නෙ ඒක මේ ඊරිසියාව මිශ්ර තරහක්.
මොකද කිව්වොත් ඒ කිචන් එකට ගියාට පස්සෙ සේමියට පුදුම විදිහට කෑම කන්නයි කෝප්පෙ තියන්නයි ආයෙ වතුර බොන්නයි ආසාවල් ඇතිවුනේ.යුමීරා ඇවිල්ලා පැයක් විතර යනකොට සේමිය කිචන් එකේ ඉදන් රූම් එකටයි රූම් එකේ ඉදන් කිචන් එකටයි දහපාරකට වඩා ගියා කියලා ගණන් නොකර වුනත් තේව්ට කියන්න පුලුවන් .ඒ යන ගමනත් කෙලින්ම යුමීරයි තේව් යි ඉදගෙන ඉන්න සෝෆා මැදින් යන්නෙ තේව් සහ යුමීරා කියලා උන් දෙන්නෙක් මෙතන නෑ වගේ හැගීමකින්.
ඒ ගිහිල්ලත් නිකන් ඉන්නැති සේමිය හෙන සද්දෙට කිචන් එකේ පීරිසි කෝප්ප පිගන් පොළවෙ ගහන්නෙ තේව්ගෙ සුගර් බැහැලා ප්රෙශර් නැගලා කොල්ලාගෙ කන් දෙකේ ඉදන් ලාවට ගින්දරත් පිටවෙන්න පටන් ගෙන තියෙද්දි.
ඒ මදිවට යුමීරා ඇගේ එල්ලිලා හිටපු ටයිම් එකකම සේමිය එතනින් ගස්සගෙන යද්දි යුමීරට හිනාවක් දාපු සේමිය තේව් දිහා බලපු විදිහ දැකලා කොල්ලා ටක් ගාලා අහක බලාගත්තෙ සේමිය ගස්සගෙන ආයෙම රූම් එකට යද්දි.
(ඒ බැල්ම 😂)
"මොකද බබා ඔයා ඔහොම හැසිරෙන්නෙ?
ඉස්සර ඔහොම නෑ ඔයා."
YOU ARE READING
අවසන් සටන🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ
Non-Fictionදන්නවද ආර්ය්ය..❟ පෙති තලලා මල කැඩුව පමණටම බඹරෙක්ට මලක් අයිති වුන්නැහැ..! සේමි- උබ කියන මගුලක් මට තේරෙන්නෑ ඕයි හැබැයි මෙච්චරයි බඹරෙක් නෙවෙයි මොකෙක් වුනත් පෙති තලලා නෙවෙයි පෙති කපලා හරි මගේ නම් ආයෙ අයිතියක් කියන්න උබටවත් අවස්ථාවක් නැහැ. යුගාර්ය්ය- ...