නුබ හා ගෙව්ව මොහොතක සුවඳ හන්තානෙට වැඩි...
ගිනිගත් හදට රාගි සුවද දලු දැම්මා නිති
වරහන් නොමැති ආදර ගීය නුබ ගැයුවේ බැදී.
නුබ කළ පෙමට මා දුන් දුකම දැන් මා විදවමි...(චැප්ටර් එක කියවන ගමන් පුලුවන් නම් අහන්න 💚)
අමාවකකින් පසුව උදෑසනේ හිමින් හිමින් ඇදන් වැටෙන පුංචි වැහි බින්දු සෙංකඩගල සිප ගද්දි වැව රවුම පුරාවට ඇදන් හැලෙන වැහිබින්දු හිස් බංකු තෙමාගෙන හිමින් හිමින් පල්ලම් බැස්සෙ ආයෙමත් මහවැලියට.ඒ වැහිබින්දු නොදන්නවා වුනාට හැගීම් මාත්‍රාව ඕනිවටත් වඩා එකතු වුන උණු කදුලු බින්දුත් ඔය අතරෙ නොසෑහෙන්න එක්කාසු වෙලා තිබුනා වගේම මහවැලියක් පිටාර යන්න තරම් ඒ කදුලු මාත්‍රා වල පරිමාව ඕනිවට වඩා වැඩිවෙලා තිබුනා.
දරාගන්න බැරි හිසරදේ නිසාත් ඇගෙන් දැනෙන වේදනාව නිසාත් නින්දෙන් ඇහැරුනු සේමිය හිටියෙ උනුසුම් පපුවක් අස්සෙ හිරවෙලා.සේමියට මේක සාමාන්‍ය දෙයක් මොකද හැමදාම උදේට නැගිටිද්දි සේමිය ඉන්නෙ මේ පිරිමි පපුව අස්සෙ හරි සනීපෙට නිදාගෙන.නැත්නම් ඒ පිරිමි පපුවෙ අයිතිකාරයා සේමියගෙ බෙල්ල අස්සෙ මූන ගහගෙන.
ඒත් අද..,
අද මේක සාමාන්‍ය නෑ.
මොකද මේ පිරිමි උනුහුම තවත් ආදරණීය උනුහුමක් විදිහට සේමියට දැනුන්නෑ.තේව්ගෙ ලොකු අත් අස්සෙ හිරවෙලා හිටපු සේමිය බරවෙලා කදුලු නිසාම ඇලවුනු ඇස් පිහාටු උස්සලා බැලුවෙ තේව් දිහා.
තේව්ට කිසිම ගානක් නෑ සේමියවත් බදාගෙන තේව් හිටියෙ සැප නින්දක.
තේව්ගෙ අත් වලින් ගැලවිලා එහාට වුන සේමිය ඇදේ හෙඩ් බෝර්ඩ් එක අල්ලන් නැගිටින්න හදද්දි ඉබේටම ආයෙ අර පරණ කදුලු අලුත් වුනා."අනේ..හ් ..අම්මා.."
සේමිය වෙව්ලන අත් කකුල් එක්ක බිම වැටිලා තිබ්බ තේව්ගෙ ලොකු ටීශට් එකත් ඇගේ පටලවගෙන බිත්තිය අල්ලගෙන වොෂ්රූම් එකට ගිහින් දොර වහගත්තෙ එහෙම්මොම වොශ්රූම් එකෙ දොර ගාව බිම ඉදගෙන.
YOU ARE READING
අවසන් සටන🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ
Non-Fictionදන්නවද ආර්ය්ය..❟ පෙති තලලා මල කැඩුව පමණටම බඹරෙක්ට මලක් අයිති වුන්නැහැ..! සේමි- උබ කියන මගුලක් මට තේරෙන්නෑ ඕයි හැබැයි මෙච්චරයි බඹරෙක් නෙවෙයි මොකෙක් වුනත් පෙති තලලා නෙවෙයි පෙති කපලා හරි මගේ නම් ආයෙ අයිතියක් කියන්න උබටවත් අවස්ථාවක් නැහැ. යුගාර්ය්ය- ...