"සුදූ...""මේ දොර ඇරපියව් .."
"සුදුවෝ.."
"එහාට වෙනවා... ගස්හිකනලා.."
"ඒ අයියෙ අපේ එකාව කොහොමද දන්නෙ ඔහේලා.."
සේමිනි හෙන අරගලයක් කරලා කේමියගෙ අත හපාකාලා කඩාගෙන බිදගෙන උඩතට්ටුවට ඇවිත් සේමියව ඇදන් ගියපු කාමරේ දොර ගලවන්න උත්සහ කරන අතරෙ කේමිය සේමිනිට එපා කියන්න හැදුවත් වැඩක් නෑ අපේ වාචාල කේමිගෙ වචන ලෙෆ්ට් සේමිනි කට ඇරියම.
ඒ අතරෙ මේ ඔක්කොම දිහා පාඩුවෙ බලාගෙන ඉන්න රකීශ්ගෙන් සේමිනි දැනට තියෙන ලොකුම ප්‍රශ්නෙ ඇහුවෙ අයියෙ කියලම ගරුකිරීමකුත් දීලා.
"ඌට හුයියෙ ගාන්නෙ තමුසෙට පේන්නැද්ද මාත් උගෙ වයස කියලා."
"අනේ පලෑම් යන්න ගස්හිකනල්ලු ගනන් ගන්නෑ."
"කේමිය ඔය ළමයව අවුස්සන්නැතුව හිටපන්."
"අම්මෝර් අම්මෝර් සිල්වතා උබර්."
"සේමිය... ඌගෙ ෆැකල්ටි එකේ ඩීන් මගෙ තාත්තා."
"..ටසිරි රිච් බෝයිස්ලා නේ එතකොට .."
"ම්ම්ම් යසෛ යසෛ..."
"එතකොට අර යෝදයා මොකාද..?"
"ඒකත් මෙඩිකල් එකේද.."
"එතකොට තමුන්ලා දෙන්නා මුක්කුද.."
සේමිනි CID එකෙන් වගෙන් ප්‍රශ්න අහද්දි කේමියත් ඇවිත් රකීශ් ඉදගෙන හිටපු සෝෆා එකෙන් ඉදගත්තා කොල්ලට හිසරදේ වගේ.
"ඌ මෙඩ්ඩෙක් වගේ පේනවද..?"
"අහලා ඇතිනෙ වීරවර්ණ ගෲප්..
ඒ වීරවර්ණ කියන්නෙ උගේ තාත්තා .""මොක කිව්වා...මේ අපේ එකාව ඇදන් ගියේ අර පට්ටෙටම සල්ලි තියෙන සුපිරි හොටෙල්ස් තියෙන මිස්ටර් වීරවර්ණගෙ පුතා ..."
"ඕහ් ගෝඩ් මාව නිකන් ෆෙන්ට් වෙන්න වගේ."
සේමිනි දඩස් ගාලා පඩිපෙලින් ඉදගෙන කම්මුලටත් අත ගහගත්තා.
කෙල්ලට නිකන් කරකවලා අතෑරියා වගේ ෆීලින් එකක් දැනෙන්නෙ."මෙතනින් ඉදගන්න නැත්නම් වැටෙයි.."
ඒ අස්සෙ කේමිය.
YOU ARE READING
අවසන් සටන🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ
Non-Fictionදන්නවද ආර්ය්ය..❟ පෙති තලලා මල කැඩුව පමණටම බඹරෙක්ට මලක් අයිති වුන්නැහැ..! සේමි- උබ කියන මගුලක් මට තේරෙන්නෑ ඕයි හැබැයි මෙච්චරයි බඹරෙක් නෙවෙයි මොකෙක් වුනත් පෙති තලලා නෙවෙයි පෙති කපලා හරි මගේ නම් ආයෙ අයිතියක් කියන්න උබටවත් අවස්ථාවක් නැහැ. යුගාර්ය්ය- ...