" චූටි මැණික "තේව්ගෙ ගොරෝසු කටහඩින් ඒත් හරිම සොෆ්ට් විදිහට ඇහුන නම නිසා සේමියගෙ මූනෙ පුංචිම හරි හිනාවක් ඇතිවුනා කිව්වොත් ඒක අමු බොරුවක්.ඒ වෙනුවට වුනේ සේමිය ඉබේම අඩියක් පිටිපස්සට ගිය එක.
මොකද ඔය නම ඇහුන ගමන් සේමිය යන්නෙ මීට දවස් හතරකට එහා හදනැති අමාවක දවසකට.තේව්ට තිබුනා හරිම ආදරණීය විදිහට ඔය නමින්ම කතා කරලා සේමියගෙ හිතේ ගැස්මකට වඩා තාලෙට ගැහෙන හදවත් රිද්මයක් පැලපදියන් කරන්න.ඒත් තේව්ගෙම අවාසනාවටද මන්දා ආදරණීය වචනත් කොල්ලට හරස් කැපුවා.
තේව්ගෙ ආදරේ ඇත්ත බොරුද කියන්න නොදන්නවා වුනත් කොල්ලා ඔය වචනෙ කියන්නෙ හදවතින්මයි කියලා අහගෙන ඉන්න ඕනි මනුස්සයෙක්ට තේරෙනවා ඒ නැතත් තේව්ගෙ ඇස් දෙක දිහා බැලුවොත් ඕනිවටත් වඩා සාක්ෂි ඒ ඇස් දෙකේ ලියවිලා තියෙනවා.
ඉතින් කොච්චර කොහොම මත්වෙලා හිටියත් අමතක කරන්න එපා ...
තේව් එදා සේමියට කතා කරෙත් චූටි මැණික කියලා..තේව් හෙල්මට් එකත් එක අතක රදවගෙන සේමියගෙ මූන ගාවට පහත් වුනා.
ඒ කරලා සේමියගෙ කිසිම හැගීමක් නැතුව තියෙන ඇස් දිහා බලලා එක කම්මුලක් උඩ තේව්ගෙ අත නතර වුනා.ඒත් සේමිය නෙමෙයි වචනයක්වත් කිව්වෙ.
සේමිය ශෝට් එකේ පොකට් දෙකට අත් දාගෙන තේව් දිහා එක එල්ලෙම බලාගෙන හිටියෙ කිසිම හැගීමක් නැති විදිහට .හරි පරිස්සමට සේමියගෙ කම්මුලක් අල්ලපු තේව් සේමියව හග් කරගත්තත් සේමිය හිටපු විදිහටම හිටියෙ කිසිම රිඇක්ශන් එකක් නොකර.
අවසානෙට තේව් සේමිය දිහා බැලුවෙ සේමිය අඩුම තමන්ව රිජෙක්ට් කරපු නැති එකටත් පුදුමයෙන්.
"i know it's my fault ."
"tsk ...I didn't ask it."
තේව් ඇහිබැමකුත් උස්සලා බැලුවෙ සේමිය දිහා...
"උබට මොකක්ද වෙලා තියෙන්නෙ .."
"ඔහොම හැසිරෙන්න එපා ඕයි.."
"එක්කො මට බැනපන් ඒ නැත්නම් කන පුරෝලා එකක් ගහපන් ."
"ඔය විදිහට කතා නොකර ඉන්න එපා යකෝ.."
YOU ARE READING
අවසන් සටන🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ
Non-Fictionදන්නවද ආර්ය්ය..❟ පෙති තලලා මල කැඩුව පමණටම බඹරෙක්ට මලක් අයිති වුන්නැහැ..! සේමි- උබ කියන මගුලක් මට තේරෙන්නෑ ඕයි හැබැයි මෙච්චරයි බඹරෙක් නෙවෙයි මොකෙක් වුනත් පෙති තලලා නෙවෙයි පෙති කපලා හරි මගේ නම් ආයෙ අයිතියක් කියන්න උබටවත් අවස්ථාවක් නැහැ. යුගාර්ය්ය- ...