ලොකු ගෙදරින් එළියට අඩිය තියද්දී ලොකු අම්මා.. වතුර එකත් අරන් ඉස්සරහට ආවා.. අම්මා වෙනුවට.. කියන දේ නැතුව.. දැන් කට පුරවලා අම්මා කියලා කියන්න පුලුවන්..... ඒ තරම් රං කඳක් මේ මනුස්සයා...!ලොකූගේ බෑග් උස්සන් මාත් ආවේ පාරට... පාරවල් හොයාගන්නත් ඕන නිසාම මන් ආවේ... නැත්නම් මන් ස්කෝලේ ඇරිලා එනකොට අතරමන් වෙලා තියේවී... ලොකු එහෙනම් ආයේ ගෙදර නවතිනවා මාව ස්කොලේ එක්කන් යන්න..
අන්න බස් එක.. පරිස්සමින් ඉන්න රං...
දොර වහගෙන ඉන්න...
ලොකු අම්මා ඉක්මන්ට කියලා මට අත වනද්දී.. ලොකුත් කඳුලු පුරොපු ඇස් හංගන් ලස්සනට හිනා වුනා.....පරිස්සමින්.. රං... ඔයාට ඕන දෙයක් පුලුවන්..
ලොකූ මට අත වනලා කියුවා...ඔයාලත් පරිස්සමින්... චූටී ටීචර්.... බා......යි....
මන් පුලුවන් තරම් හයියෙන් කැගහලා කියුවේ ලොකූ හිනා වෙවි අත වනනකොට....සදෙව්ගේ අලුත් ජීවිතේ... බයයිත් එක්ක..
මන් ඇස් දෙකේ කඳුලු පිහිදාගෙන ආයෙම එන්න හැරුනා...
හැමපාරක්ම එක වගේ.. හොඳ වෙලාවට ලොකු අම්මගේ ගෙදරට හැරෙන පාරවල් තිබුන්නෑ.. කෙලින් පාරෙන්ම ගෙදරට...........සල..ලල ලල.....
බුදු අම්මෝ කියපු නැන්දමාමලට
ආච්චි පුංචිලට ආයුබෝවන් කියුවා..
සන්තෝස..යි.........
සල ලල....ලල....මන් විසිල් එකත් ගහගෙනම සින්දුවක් කියාගෙනම ආවේ පාරේ තියා අඩුගානේ දෙපැත්තෙන් තියෙන ගෙවල් වලවත් කිසි මනුස්ස පරාණයක් පේන්න නැති නිසා... මේවගේ හොල්මන් ආත්ම ඉන්නවවත්ද..
අනේ අර පුක්මන්තව උන් කාලා දාන්නැති.. ඊයෙන් පස්සේ දැක්කේ නෑනේ.. පඩත්තල පූසා...හොඳවැඩේ නේද.. සමන්ත......මන් පාරේ හොඳට ඉඩ අරන් ඇවිද්දා.. ටවුමේ මොකෝ ගමේ මොකෝ.. ඔක්කොම රංගේ තමයි ඉතින්...හැඩට වැඩට හරි සූරයෝ
අපිත් ගමේ කොල්ලෝ.........බව්ව් !!!!! භව් බව් !!!!
කිරිඅප්පොච්චිට සාරි අන්දන්න කියුවලු... දෙයියනේ.. මන් දුවලා ගිහින් එල්ලුනේ ලගම තිබුනු ලයිට් කනුවෙ.. රං ධාවකයෙක් තමයි.. හැබැයි මේ වෙලාවේ දුවාගන්න මතක් උන්නෑ නෙවෙයි කකුල් ඇලිලා... බිමට !!!

YOU ARE READING
The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා)✔️✔️ KookV
Fanfiction'අයිතිය සඳට වූ.. නමුත් ඔහු එය වෙනස් කලේය...' ලොකූගේ රං ඩිංග වල් වැදිලතෝ මන්තා සමන්ත....🌚 🐰 : මොන රෙද්දක්ද මේක අඬන එක නවත්තපන් චූටී... !!! ගෙරි බූල්.. තොගේ බූල් මන් එකින් එක ගලවනවා !! හැම එකාම හැරිලා මගේ දිහා බලද්දි මන් ගිහින් හිටගත්තේ සදැස් පෙන්න...