94 💡

622 122 137
                                    

පූජා කරන්නම් මලක් ඔයා නමින්..
ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොඳින්...





" ඔය උට්ට ඕෆ් කරන්න කියපන් දිනේ.. මහ ලොන්ත සින්දුනේ බන් යන්නේ.. "



මෙලෝ තේරුමක් නැ..විරහ ගීත අහන්න ඕන බූට් කාපු උන්නේ.. ඊටත් වඩා ඒකේ අඩෝවැඩියාවට කන් දෙකත් පුපුරන්න වගේ.. මන් දිනේශන්ට කෑගහද්දි ඌ මට ඔරවල ඌ කර කර හිටපු වැඩේ කරන්න ගත්තා.. ඌ උදේ ගෙනාපු කරවල වගයක් අතුරනවා.. තොග ගාන්ට බඩු තියෙන නිසා මිනිස්සු උදෙ ඉදන්ම වැහි වැහලා.. පලවෙනි දවස උනාට නුවනයා දෙපාරක් තුන්පාරක්ම සල්ලි මැශින් එකේ වැඩ කරන හැටි කියා දෙද්දි මන් අල්ලගත්තා.. රංට කරන්න බැරි දෙයක් නෑනේ..



" ඕයි රං.. මරින්දු කුඩියුංග.. .."

දොළහ පහු වෙනකොටම දිනේශන් කෑගහනවා.. දෙමලා උනාට ඌ අනිත් උන්ට වඩා හොදයි.. මන් කියන්නේ රංගේ පරණ යාලුවන්ට වඩා.. ගමේ මහලොකු යාලුවෙක් හිටියෙත් නෑ.. ටවුමේ ඉදපු උන් ගැන මට හරියට මතකත් නෑ.. දිනේ ඔරලෝසුව පෙන්නලා බෙහෙත් බොන්න කියනවා.. මන් හා කියලා ඔලුව වැනුවා.. කඩේට එන්න කලින් ගමට එද්දිම පරණ ග්‍රාමසේවක නෝනගේ මුනුබුරා ටවුමෙදි හැපිලා දැන් ඌ ලෙඩා කියන් ලේබලේ මට වැදුනා.. කලින් තිබුනෙ කාලකන්නියා කියන එකනේ.. ඒකට වඩා මේ අලුතෙන් වැදුනු ටැග් එක නම් අප්‍රසන්නයි.. ඒත් මට තිබුනේ කිසිම දෙයක් නොදන්න ගානට ඉන්නනේ.. රං බීරියි..!! හැමදාම එහෙමයි උනේ.. 

මන් කඩේට ඇවිත් ඉදපු ටික දෙනා යනකම් ඉදලා අත්තම්මා බෙදලා දීපු බත් එක අතට ගත්තා.. ගත්තට මොකෝ මාව එක්කන් ආවෙත් දිනේශන්.. ඌටවත් අඬනොගහා කන්න බෑනේ.. මන් බත් එකත් අරන් ඌව හොයන්න ගියා.. කඩේ එකම බිල්ඩිමේ කොටස් දෙකකට කඩල තිබ්බේ බඩු අසුරන්න එහෙම ලේසි වෙන්න.. මම කැශියර් එක තියෙන පැත්ත නැතුව බඩු තියෙන පැත්තේ අස්සටම යන්න උනා දිනේශන් හොයන්න.. මේ පගයත් හාල් ගෝනි වගයක් බානවා..

" කවුද හොයන්නේ රං ?? "

"ඈ..! "

" මන් මන් මනුස්සයේ !! තෝ ගැස්සුන පාරට මන් හිතුවේ තොවිලයක් නටන්න වෙයි කියලා.. "

The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා)✔️✔️ KookVWhere stories live. Discover now