ආත්ම ගාණක බැඳීමක් තිබුනු නික්ලේශ්ගේ උපන්දිනේ අද වෙද්දී.. එයා දැනටමත් ගොඩක් ලොකු දුරකට පියාඹලා ගිහින් තිබුනා.. සුදු රෝස මල් එක පොකුරට එකතු වෙලා රිදී පාට රිබන් එකකින් එතිලා තියෙද්දී.. ඩියානාගේ සුළගිල්ලේ එල්ලුනු නිල් අළු මිශ්ර ඇස් තිබුනු පුංචි කෙලි පැටියෙක් ඒ මල් පොකුර අරගෙන ලස්සනට හිනා වෙවී උන්නු නිකූ ළග තියද්දී ඩියානගේ පෙට්ටි ඇස් කඳුලු වල උණුසුම් පෙඟිලා ගිහින්..
" Thank you for everything...Niku uncle... Noo.. always my favorite සුමනුත්තා.. fly hi..gh....agghh.."
පෙරෙන කඳුලු කම්මුල් පහු කරගෙන එද්දි ඩියානා ඒ මල් නිකූගේ හිනාවෙන රූපෙට නොවැටෙන්න පරිස්සම් උනා... හැමදේකම වගකීම් ගනිපු එයාට ඩියානගේ එකම එක උණුසුම් කඳුලකවත් බර දෙන්න එයාට ඕන උනේ නැති වෙද්දි ඩියානගේ ඇඟිල්ලේ එල්ලුනු චූටි කෙළි පැටික්කී නිකූගේ හිනා වෙන පාට රූපේ මත තොල් උල් කරලා කිශි එකක් තිබ්බේ හරි ආදරෙන්.. නිකූගේ දශමයක් අඩු නොවන ආදරේ එයාට දැනුනේ නැති උනත් ඒ රූපෙට පුංචි කෙළි පැටික්කිට ආදරේ හිතෙන්නැති.. කවදාවත් අඩු නොවුනු ඒ හිනාවට ඒ පුංචි බෝල ඇස් ඇදිලා යන්නැති...
__________________________________
" සඳවත අහසින් වැටිලා..
උන්නද මන්දා මිදුලෙ.. "ඈති ඇහෙන සින්දුව තාලෙට හෙමින් මුමුණන ගමන් මන් ඈත කඳු පේළිය දිහා බලන් උන්නා.. අපි හැදුව ගෙදර ඇතුලේ තිබුනු මතක ගොන්න වැඩි නිසා මම දෙනියායේ ගෙදරට ආවා.. අවුරුදු පනහකටත් වැඩි කාලයක් මන් මේ ගෙදරින් ඈත් වෙලා උන්නත් ගෙයි දොරකඩට අඩිය තියද්දිම දැනුනේ පරණ පුරුදු සුවඳ... අත්තම්මව හොයාගෙන ගිහින් මන් ආවා කියන්න.. ලොකූ.. ලොකූ කිය කිය මුලු ගේම දෙවනත් කරන්න.. ඒ හැඟීම් එහෙම්ම වෙද්දි.. ලොකු අම්මා වෙනුවෙනුත් වෙන් කෙරුනු රෝස ගහ දිහා බලලා මන් ලොකු හුස්මක් පහත දැම්මා..
ඉස්සර වගේ හිතුන ගමන් දුවලා ගිහින් එතන වාඩි වෙන්න දැන් මට වාරු නැති උනත් මන් ඒ දිහා අමාරුවෙන් පුටුවක් තියාගෙන වාඩි වෙලා බලාගෙන උන්නා..
මේ ගමෙන් පටන් ගනිපු කතාව...
අන්තිමේද් ටව්මෙදි හම්බුනු උබෙන් වෙනස් උනු හැටි හරි පුදුමයි නේද සඳූ...
කොහේද.. උඹ පන්ඩිතකමට මට තනියම ඉන්න කියුවට.. මගේ සෝසෙවත් නැතුව උබ හදපු මතක මාළිගාවේ මට ඉන්න පුලුවන් ද ?

YOU ARE READING
The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා)✔️✔️ KookV
Fanfiction'අයිතිය සඳට වූ.. නමුත් ඔහු එය වෙනස් කලේය...' ලොකූගේ රං ඩිංග වල් වැදිලතෝ මන්තා සමන්ත....🌚 🐰 : මොන රෙද්දක්ද මේක අඬන එක නවත්තපන් චූටී... !!! ගෙරි බූල්.. තොගේ බූල් මන් එකින් එක ගලවනවා !! හැම එකාම හැරිලා මගේ දිහා බලද්දි මන් ගිහින් හිටගත්තේ සදැස් පෙන්න...