1 2 2

586 99 203
                                    


" රං අයියේ.. "

හෑ.. මන් ටිකක් වෙලා බලන් හිටියා.. සමන්ත මේ කවුද.. ඇස් පිල්ලම් දෙකක් ගැහුවා..ඒත් මතකෙට නාවේ ඇයි සමන්ත.. කවුද ඔබ කවුරුන්තෝ මන්තා.. මේ රූපෙට වහ වැටුනු පියාමැස්සෙක්තෝ.. මන්තා.. වෙන්න පුලාන්නේ සමන්ත.. ලොකූගේ රං ඩිංග හැන්ඩියනේ..ම්හුක්..

මගේ ඉස්සරහ ඉන්න ගිනි කිකිළි දත් සෙට් එක දාලා හිනා උනා.. අඩෝ සමන්ත අර නවය වසරේ නංගි නේත..රංගේ පරණ පැතූ පෙම.. කොහේ අදුනන්න ද මේකි මූන පුරා පවුඩර් උලලා ඇස් යටෙත් මොනවදෝ ගාලා.. යම්කෝ මගේ ලොකූ ආවා කොච්චර ලස්සන ද.. ඒ එක්කම රංගේ පෙට්ටි ඔලුව ඇතුලේ ටාං ගාලා බෙල් එකක් වැදුනා.. ඒකි ඇදන් හිටියේ රතුම රතු පාට.. රෙද්දයි හැට්ටෙයි.. දිග කොණ්ඩේ රෙද්දට පිටිපස්සෙන් හුළගේ යනවා පෙනුනා.. සමන්ත..!! අද ඉවරයි..

" කියන්න නංගි "

" අනේ රං අයියා..රතු ඇදලා නේද.. තැන්කියු අනේ.. ඔයාට ඒ පාට හරිම ලස්සනයි අයියේ.. "

" අහ්ම්.. තැන්කියු.. "

අහස කඩාගෙන පොළව බදාගෙන දෙයියෙක් ඉන්නවනම් වර වර ඒස්වාහඃ පුහ්.. සමන්ත බලපන් අර බකුසු යකාව.. උබට මා විතරයි මට උබ විතරයි උට්ටෝ.. රං ඉතින් පෙට්ටි හිනාව දාලා එතනින් එන්න හැදුවා.. මෙන්න මේකි මගේ අතින් අල්ලගත්තා.. මන් එක ක්ශනයෙන් හැරිලා බැලුවා..

" පුංචි තෑග්ගක් රං අයියට "

ක්ලික්.. 📸

කැමර් එහෙක ක්ලික් සද්දෙන් පිටිපස්සෙන් ඇහෙද්දි මන් ඇස් ලොකු කරන් බැලූවේ ගිනි කිකිලි දීපු තෑග්ග.. ගොතපු ටෙඩියෙක්.. ඒකි ඒක මගේ අතේ ගුලි කරලා දුවලා එහාට ගියා..අමෝර් මේකිගේ ලයින්.. ඉස්සර රං සචිනිට ලයින් දැම්මේ බිම බලන් ගියපු අහිංසක කෙල්ලෙක් කියලා හිතලා.. කෝ මුන්ගේ අහිංසකකම්.. අහ්.. කෝ..කෝ..කෝ. සමන්ත ගමේ හැදියාව..ඒක තිබ්බේ රංට විතරත..ම්හුක්..

ඒකි ගියා විතරයි මන් හොම්බ දිග කැමරාවක් තියෙන පුස් ඇට කැස්වටුවා හොයන්න ගත්තා.. ඔය ඉන්නේ..!! ඌ පොල්තෙල් පහනේ දර්ශනීය චායාරූපයක් ගන්නවා..මූ මගේ ජීවිතෙත් එළිය කරාවි ඕක සමාජ ගත කලොත් එහෙම..තොට මමර්.. මලිතයා තෝර් කනවා..!!

The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා)✔️✔️ KookVWhere stories live. Discover now