❤😊අලුත් ස්කෝලේ සීතල හුළං විදින ගමන් මන් ඇස් පියාගත්තා... ටවුමේ හුළගේ තැවරිලා තිබුනේ දූවිලි තට්ටුව ල සුවඳ මගේ නාස් පුඬු වලට තදටම දැනුනා...
ගමේ උන්න නම් මේ වෙද්දි කිටි කිටියේ වෙව්ලනවා... ඒ අතින් අපි කොන්ක්රීට් වනාන්තරයක ඉපදුනෙ නැති එක මගෙ හිතට සැනසීමක් ගෙනාවා.. ටවුමේ ළමයින්ට වඩා මන් ඒ පරිසරේ විදලා....මට දැනුනා කවුරුහරි මගේ එහා පැත්තෙන් වාඩි වෙනවා... මන් හිමින් ඇස් ඇරලා ඔලුව හැරෙව්වේ ආපු කෙනා බලන්න...
"කොහොම ද ?"
සදැස්ගේ උස විතර ළමයෙක්... දැකලත් පුරුදුයි වගේ.. ඒ ළමයා අහද්දි මන් හිනා වෙලා හොඳයි කියුවා... ආහ් සමහරවිට ආට් එකේ වෙන්නැති.. මොකද වෙන ළමයි වැඩිය මාව දන්නෑනේ... බයෝ එකෙත් නෙවි නම් ඉතින් ආට් තමයි.. දවස් දෙක තුනට මුලු ස්කෝලෙම අදුනගන්න මට බෑනේ ඉතින්... මුලින්ම ගියෙත් ආට් එකටනේ..
"ඇයි තනියම මෙතන ?"
බළල් ඇස්.. ඒ ළමයට තිබුනේ අලුපාටට හුරු බළල් ඇස්... ඒ ළමයා කොච්චර හොඳින් කතා කරත් මට පලවෙනි පාරෙන්ම ඒ ළමයාව දිරෙව්වේ නෑ.... උබට මොකටද කියලා කටට ආපු එක නවත්තගෙන මන් උත්තර දුන්නා..
"නිකන්.. ඔයා..... ??"
"මන් මලිත.... ආට් එකේ.. ඔයා සදෙව් නේ...."
"ඔව්.."
මන් හිනා වෙලා ශේප් උනත් මලිත් මගේ දිහාම බලාගෙන ඉන්නවා.. මට දැනුනේ හරි අපහසුවක්.. මේ ටවුමේ උන්ට මරි මෝංගල් ද කොහේද....... මොනවා කරන්නද මන් ඈතින් දැක්කා බෑග් එක එක උරහිසකට විතරක් දාගෙන ගැම්මෙන් යන ගොපලු යකාව... මන් ඉක්මන්ටම නැගිට්ටා....
"ඔයා යනව ද ??"
මලිත ඉක්මන්ටම නැගිටලා මන් ළගට එන්න ආවා...
"ඔව්ව්ව්.. බූල් හම්බෙන්න හිටියේ.."
මන් එහෙම කියලා ඉක්මන්ටම දිව්වේ සදැස්ගේ පස්සේ... මලිත කතා කරන විදියවත් ඒ බලන විදියවත් මට එච්චර හොඳ හැඟීමක් ගෙනාවේ නෑ.. පුදුම අපහසුවක් දෑනුනේ හරියට ගිරේකට අහු උනා වගේ.... ඈතින් පේන හුරු රූපේ පස්සෙන් මන් දිව්වා...

YOU ARE READING
The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා)✔️✔️ KookV
Fanfiction'අයිතිය සඳට වූ.. නමුත් ඔහු එය වෙනස් කලේය...' ලොකූගේ රං ඩිංග වල් වැදිලතෝ මන්තා සමන්ත....🌚 🐰 : මොන රෙද්දක්ද මේක අඬන එක නවත්තපන් චූටී... !!! ගෙරි බූල්.. තොගේ බූල් මන් එකින් එක ගලවනවා !! හැම එකාම හැරිලා මගේ දිහා බලද්දි මන් ගිහින් හිටගත්තේ සදැස් පෙන්න...