" මන් ආදරෙයි සඳූ... "
මන් කොඳුරද්දි එයා මගේ නළල ඉම්බා.. තත්පර ගානක් ඒ තොල් මගේ නළල උඩ තියෙද්දි මන් ඇස් පියාගෙන ඒ ආදරේ වින්දා... වචනෙන් කියනවටත් වඩා ගොඩක් දේවල් සඳූගේ හාදුව ඇතුලේ හිර වෙද්දි.. ඒ හැඟීම පපුව ඇතුළටම කඩාගෙන යනවා... මට හම්බුනු ආදරණීයම පිරිමි පරාණේ... මගේ සඳූ...!!!
" සඳූට ඉතින් චූටි වගේ ආදරේ දෙන්න බැරිවෙයි.. ඒ උනාට මන් ට්රයි කරනවා.. මගේ ආදරේ මගේ චූටිට දැනෙන්න දෙන්න.. ඒක දැනෙනව ද චූටි.. "
මන් ඔලුව වනන ගමන් සඳූගේ පපුව උඩින් මූන තියාගත්තා... ආදරේ කියන්නේ මේකට ද.. මුලු ලෝකෙම නැවතිලා කියලා දැනෙන හැඟීම.. එයා ළග ඉන්නකොට හැමදේම නවතින හැඟීම..
" හහ්... මේන් බලහන්කෝ.. මෙන්න පිප්පියෝ දෙන්නෙක් වෙලිලා...!! අඩෝ වරෙල්ලා...!! අද සුපිරි ෆන් එකක් ගන්න පුලුවන්.. "
අඩියට දෙකට ඉදපු තැනින් නැගිටපු සඳූ මාව අතින් පස්සට කරලා අල්ලගත්තා.. එකපාරට උන දෙයින් මන් ගැස්සිලා හිටියේ.. අපි ඉදපු විදිය.. මන් සඳූට තුරුලු වෙලා ඉදපු හැටි මුන් දැක්කවත් ද..මගේ මොළෙත් වැඩ කරේ හරිම හෙමින්.. කොල්ලෝ හතරක් විතර අපි ඉදපු තැන හිටගෙන හිටියා.. එතන දන්න හුරු මූනකුත් තියෙද්දි... ඇඟ පුරාම කරාබු දාගෙන ඉදපු පොඩ්ඩේ.. ඌ කට කොනෙන් හිනා වෙවී අපේ දිහා බලන් ඉදියා.. අපේ දිහා නෙවෙයි ඌ බලන් ඉදියේ මගේ දිහා.. සඳූ මාව පස්සට කරලා එයා මගේ ඉස්සරහ හිටගෙන හිටියේ මාව වැහෙන විදියට..
" පොඩ්ඩයියේ බූල්..!! "
" අඩෝ නෝ.... මට අඳුනගන්න බැරි උනානේ සහෝදරයා... බඩු පිහිදාන්න ටිශූ ගෙනත් දෙන්න ද.. අහ්ම්..අඩෝ මේ බලපල්ලා.. බූල් නේ බන් මේ ඉදලා තියෙන්නේ.. බූල්ගේ ගල් කොල්ලා.. බූල් උබ දෙපැත්තටම ගැහුවා නේ එහෙනම්.. මරු මරු... "
සඳූ මගේ අත මිරිකලා අල්ලන් ඉද්දි මන් වැලමිට ලගින් සඳූගේ අතේ එල්ලුනා... න්යශ්ටික බෝම්බෙටත් හපන් සඳූ පිපිරුනොත්.. මොන මඟුල කියුවත් මෙතනින් ශේප් වෙලා යන්න පුලුවන් විදි ගැන මන් හිතන්න ගත්තා.. මොකද එතන දැන්ටම කොල්ලෝ හතර පහක් විතර.. පොඩ්ඩෙගේ ගැන්සිය එක්ක මට උනත් තිබ්බේ හොඳ මතකයක් නෙවි.. අනික මුන්ම නේ එදා සුමනගේ අත කඩලා තිබ්බෙත්.. ඒ මොනවා උනත්.. උන් දැකපු දේවල්..උන් ඒවා හැමතැනම පැතිරුවොත් සඳූට ආයේ ඉස්සර වගේ ඔලුව උස්සලා ඉන්නවත් බැරි වෙයි..ස්කෝලෙට ඒවා ගියොත්.. ඊටත් එයාගේ අප්පච්චිට උනත් මේ දේවල් වලින් ඔලුව උස්සන්න බැරි වෙයි.. ඊළගට අම්මා ලොකූ.. එයාලා දැනගත්තොත්... ඒ තත්පරේට මගේ මුලු ඇඟම දාඩියෙන් තෙත් උනා..

YOU ARE READING
The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා)✔️✔️ KookV
Fanfiction'අයිතිය සඳට වූ.. නමුත් ඔහු එය වෙනස් කලේය...' ලොකූගේ රං ඩිංග වල් වැදිලතෝ මන්තා සමන්ත....🌚 🐰 : මොන රෙද්දක්ද මේක අඬන එක නවත්තපන් චූටී... !!! ගෙරි බූල්.. තොගේ බූල් මන් එකින් එක ගලවනවා !! හැම එකාම හැරිලා මගේ දිහා බලද්දි මන් ගිහින් හිටගත්තේ සදැස් පෙන්න...