මන් දෙපාරක් පැන්නොත් හතරපාරක් බවුන්ස් වෙන ඇඳෙ හාන්සි වෙලා මිනාගේ බඩ උඩට අතකුත් දාගෙන හිටියේ.. ඕශිට ඩඩා එන්න කියලා ඌ ගියා.. අනිත් කොල්ලොත් තැන් තැන් වල හාන්සි වෙලා එක එක එව්වා කිය කිය හිටියේ.. උන් මොනවද කියන්නේ කියලා ඇහුනත් ඒ දේවල් හරියට මගේ මොළේට ගියේ නෑ.. බියර් ගඳත් එක්ක සැරින් සැරේ එන සිගරට් ගඳවල් නිසා මන් ඔලුව කොට්ටේ ඇතුළටම ඔබාගත්තා.." නිකූ උබ ෆියුනරල් එකට එන්නැද්ද ? "
" ඇයි ඌ මගේ බාප්ප ද මන් එන්න ?? අනේ බන් මිනා..මෙහේ වැඩ මගේ ඔලුවේ කෙස් ගාන්ට.. හිඟන්නෙක් වෙනුවෙන් සේරම දමලා ගහලා එන්න ඌ කවුද ? වීරේප්පො- "
" හරි හරි මන් නිකන් ඇහුවේ.. උබටත් හිටපු ගමන් සිරිමත් පගයට වගේ මළපනිනවනේ.. රෙද්ද.. ඔහොම කේන්ති ගන්නෙපා උට්ටෝ.. උබේ නහරයක් ගහලා යාවි.. "
ඒක ඇහුන මට හොටුත් පැන්නා සමන්ත..!! මිනා සුමනුත්තට කියනවා කේන්ති ගන්නෙපාලු..අමෝර් අමෝර් හිච්චි සාමදූතයා..!! ඕශි ඉදියනම් කියාවි.. මිනා හරි දැන් ඔයා කූල් වෙන්නකෝ.. කියලා.. අමෝර් අමෝර්.. මෙව්වට තමයි... සුමනා වීඩියෝ කෝල් එකේ හිටියේ.. මිනා මටත් පේන විදියට ෆෝන් එක අල්ලන් බර කයිය.. වැඩක් නෑ මුන් ඔක්කොම එකයි සමන්ත.. පිස්සන් කොටුවක් වගේ..
" මිනා කෝ උබේ සිරිමතා..? "
" අන්න නිළමෙට ඉන්න කියලා මැණිකේ මූදු ගියා සුමනා.. චූටියව ඔය මට බලාගන්න කියුවේ සිරිමත් පගයා.."
" ඒක නෙවි පොඩ්ඩක් ඌ ගැන ටච් එකේ ඉදපන් මිනා.. නොට් ජෝක්ස් එනිමෝර්.. චූටියත් ඉන්නවනේ.. Look after them both and be careful Mina.. ඔතන උනත් සේෆ් නෑ "
" ම්ම්.. උබ බය නොවී ඉදපන්කෝ උට්ට.. බලපන් උබ අපායට ගියත් සැනසීමක් නෑනේ.. එතනත් අපිව පරිස්සම් කරාවි.."
ඒ ටික ඇහෙද්දි මන් උන්නේ ඇස් පියන්.. මිනා උනත් ඒ කියපු විදියෙන් ඒ ගැඹුරු කටහඬ නිසාම ඒක ඇවිත් මගේ බොක්කටත් වැදුනා.. සුමනා පුදුම විදියට හැමදෙයක්ම හොයනවා.. ඌ ෆුල් සීරියස් පිට ඒක කියුවේ.. ඊටපස්සේ කිසි දෙයක් ඇහුනේ නෑ... ම්ම්.. ඇහුනා.. මන් හිතන්නේ මන් ඒක ස්කිප් කරාද මන්දා..

YOU ARE READING
The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා)✔️✔️ KookV
Fanfiction'අයිතිය සඳට වූ.. නමුත් ඔහු එය වෙනස් කලේය...' ලොකූගේ රං ඩිංග වල් වැදිලතෝ මන්තා සමන්ත....🌚 🐰 : මොන රෙද්දක්ද මේක අඬන එක නවත්තපන් චූටී... !!! ගෙරි බූල්.. තොගේ බූල් මන් එකින් එක ගලවනවා !! හැම එකාම හැරිලා මගේ දිහා බලද්දි මන් ගිහින් හිටගත්තේ සදැස් පෙන්න...