කෑම මේසේ සම්පූර්නෙන්ම හැදුවට පස්සේ අත්තම්ම වතුර වීදුරුවකුත් අරගෙන ගියා මරිගෙස්සිනාගේ පවුලේ සැමට කෑමට ආරාධනා කරන්න.. කමක්නෑ පුවක් බඩිල්ලෝ අපි බලාගමු.. උබේ හිතේ තියෙනම් මේ රංගෙන් ලොකූව ගන්න.. එව්වා හඳේ..මට ඉන්නවා අමු යකෙක්..නේද සමන්ත..බුහාහ්හ්-
" චූටියා මේ පපඩම් ටික ගිහින් තියපන් ඉක්මන්ට..!! "
ඒව් ඒව්.. සමන්ත ඉතින් කෝමද කියහන්කෝ මස්සිනා එක්ක ගේමට යන්නේ.. මිනා කෑගැහුවට මොකද මලිතයා තමයි පපඩම් බදින්නේ.. නෑ අවුලක් නෑ.. ඒවා තද කලු පාට වෙනකන් ඌ බැඳලා නෑ.. චිත්රකාරයා නිසා අත්තම්මා කියලා ගියපු රත්තරන් පාට වෙනකම් විතරයි ඌ පපඩම තෙල් තාච්චියේ තියලා තියෙන්නේ.. බැඳිලා කෙසේවෙතත් මරිගෙස්සිනාට අමු පපඩම් කතෑකී..
පොඩී වීරේ උබ රංගේ එකා හරිතේ..ම්හුක්.. නේත සමන්ත.. ඕශියා පිඟන් මැඳලා ඔක්කොම පිළිවෙළට මේසේ ලෑස්ති කරලා.. මිනා ඉතින් හොටලාධිපති සුභසිංහ සන් නේ.. සමන්ත.. ඌ ඒක නිසා දන්න වැඩ කෑලි සේරම දාලා සඳූ එක්ක කෑම මේසෙට බෙදනවා.. අමොර්ර් අමෝර්.. ලොකූගේ මස්සිනා..!!
" පුතාලත් එන්න.. අපිත් එක්කම කමු නේද කුමාරි මිස්.. "
" හරි හරි චාන්දනී මිස් කාලා ඉන්නකෝ.. "
කුමාරි ඔක්කොටම බත් බෙදාගන්න කියුවම අර ආපු ඇන්ටිලා ටිකත් එක්ක මාමලයි ටික ඇවිත් මේසෙන් වාඩි උනා.. හොඳ වෙලාවට අපේ ගෙදර තියෙනවා පන්සීයක් ආවත් වාඩි වෙන්න පුලුවන් කෑම මේසයක්.. මන් හිතන්නේ ඒක අපේ සුදු දෝණිගේ දෑවැද්දට හම්බුන එකක්..ම්හුක්..
සුවඳ නම් පංකාදු පහයි සමන්ත..කිරි දාපු පිපිඤ්ඤා සම්බලකුයි.. චිකන් කරි එකයි.. මාලු තියල් දාපුවායි.. බැඳපු අල සම්බල්.. කජු වෑංජනයි.. පරිප්පු තෙල් දාලා.. කට්ලටුයි.. හෑ.. වම්බටු මෝජුවකුත් තියෙනවනේ සමන්ත.. රං දැක්කේ නෑනේ එව්වා හදනවා.. ම්හුක්.. පපඩමුයි.. ඔය ඇති.. ඒ අස්සේ නැන්දත් බරටම කයිය.. ආපු උන් එක්ක.. ලොකූගේ මඟුල ගැන් ඒ ගෑණිගෙ උනන්දුව බලපන් සමන්ත.. රංට නගිනවාර්ර්..
මරිගෙස්සිනාත් ඇවිත් මේසෙන් වාඩි උනා.. පුදුම කයියක්.. ලොකූ ඌව ඇදන් ඇවිත් පුටුවෙන් දමලා ගැහුවා වගේ මට පෙනුනත.. නැත්නම් සමන්ත ඒකද උනේ.. ඌ උගේ කම්මුලේ පොල් පැල හිටවන්න තියෙන හිනාවත් දාගෙන ඇවිත් වාඩි උනා.. නයි කෑදැත්තා තෝ හිනා වෙනවා වැඩී හරිතේ.. මන් උබ ගැන අවධානෙන් ඉන්නේ.. ම්හුක්..

YOU ARE READING
The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා)✔️✔️ KookV
Fanfiction'අයිතිය සඳට වූ.. නමුත් ඔහු එය වෙනස් කලේය...' ලොකූගේ රං ඩිංග වල් වැදිලතෝ මන්තා සමන්ත....🌚 🐰 : මොන රෙද්දක්ද මේක අඬන එක නවත්තපන් චූටී... !!! ගෙරි බූල්.. තොගේ බූල් මන් එකින් එක ගලවනවා !! හැම එකාම හැරිලා මගේ දිහා බලද්දි මන් ගිහින් හිටගත්තේ සදැස් පෙන්න...