පටාස් !!!!!!!
තුන් හුලස් ද යකෝ !!!!!
එකපාරට ඇහුන සද්දෙත් එක්ක මන් දුවලා ගියේ සදැස්වත් පේන්නැති වෙද්දි... ඊලගට ඇහුනේ හයියෙන් හිනා වෙන සද්දෙකුයි සට සට ගාලා ගහන සද්දෙකුයි... මගේ කකුලුත් වෙව්ලන්න ගත්තා.. තව මීටර් ගානයි අර ගෙදරට වෙනදට නම් මන් සදැස් එක්ක කියව කියව එන්නම විනාඩි දහයක් යන්නෑ මෙතනට... ඒ වෙලෙට නම් සේරම කොල්ලෝ මෙතන...... ඒත් අද මන් එද්දිත් පරක්කු උන නිසා කිසිම ළමයෙක් නෑ.. ගෙදර ළගින් එන සද්දෙ එන්න එන්නම වැඩි වෙනවා... නෑ මන් සද්දේ එන පැත්තට ලං උනා...
ආහ්හ්හ් !!!!
සදැස් කෑගහන සද්දෙ !!!
මගේ මුලු ඇඟම පන නැති උනා.. අනේ ලොකූ මන් ගමේ ඉදලා ආවේ මේවට ද.... මන් කොහොම දිව්වද කියන්නවත් දන්නෑ.. මන් එතන්ට යද්දි දෙන්නෙක් සදැස්ට බිම දාගෙන ගහනවා...... ආපිට සදැස් ගැහුවත් එකෙක් සදැස්ව පිටිපස්සෙන් අල්ලගනිද්දි අනිත් එකා ඉස්සරහින් සදැස්ගේ බඩට ගැහුවා..
ර්ර්.......
මොන මඟුලක් ද මේ... එකෙක්ට දෙන්නෙක් ගහන්න මුන් ටවුමේ වෙලත් මේවා දන්නැද්ද....
දර වැටේ තිබුනු පොල්ලක් ඇදලා අරන් ගලව ගෙන මන් බෙල්ල පොඩ්ඩක් කැරකෙව්වා... අරුන් දන්නෑ මන් මෙතන ට ආවා කියලවත්... එපා වෙනවා සමන්ත..
"චූටී උබ පලයන් !!!"
මාව දැකපු සදැස් කෑගැහුවා.. මන් තාම හරියට සදැස්ව දැක්කේ නෑ... ඌ වැහිලා අනිත් එකාට....හරි අගෙයි ගුටි කකා කෑගහන හැටි...
" ලැජ්ජ නැද්ද ඕයි..!!"
මන් කෑගැහුවා උන් දෙන්නා මගේ දිහා බලද්දි ඉස්සරහ එකාට වැහිලා ඉදපු සදැස් ව මන් දැක්කා....... තොල පැලිලා... කටේ ලේ එකයි.. කිරි කොකා වගේ ඉන්න සදැස්ගේ යුනිෆෝම් එක පුරාම දූවිලි..... පපුව ළග සපත්තු පාරක්.. දාන් ආපු එක සපත්තුවක් ගැලවිලා විසි වෙලා ගිහින්... කොන්ඩේ සේරම අවුල් වෙලා... තද දුඹුරු ඇස් මාව දැකලා බය වුනා... ඌ මොකට බය වෙනවද මට...!! පිස්සුනේ සමන්ත..
වාහ් !! බකුසු හරි වැඩ්ඩෙක්නේ..
අල්ලන් ඉදපු එකාගේ මූන දැනටම පැත්තක් නිල් වෙලා උගේ ඇඳුමත් භාගෙට ඉරිලා.. කලිසමේ කෑල්ලක් බිම... මූ ලෙසටම නෙලලනේ..

YOU ARE READING
The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා)✔️✔️ KookV
Fanfiction'අයිතිය සඳට වූ.. නමුත් ඔහු එය වෙනස් කලේය...' ලොකූගේ රං ඩිංග වල් වැදිලතෝ මන්තා සමන්ත....🌚 🐰 : මොන රෙද්දක්ද මේක අඬන එක නවත්තපන් චූටී... !!! ගෙරි බූල්.. තොගේ බූල් මන් එකින් එක ගලවනවා !! හැම එකාම හැරිලා මගේ දිහා බලද්දි මන් ගිහින් හිටගත්තේ සදැස් පෙන්න...